සතියේ කලදවස | සිළුමිණ

සතියේ කලදවස

මේෂ - හදිසි ආපදා

මේෂ ලග්නය හිමි ඔබ මෙම සතියේ ඉතා ප්‍රවේශම් විය යුතුය. සතිය ආරම්භ වන්නේ චන්ද්‍රයා නීචව 8 වැන්නේ සිට ගමන් ආරම්භ කරමිනි. එය ආර්ථික හානි හා හදිසි අනතුරු පෙන්වන තත්ත්වයකි. ඔබට කිසියම් අයුරක පසුතැවිමට ලක්වන කරුණක් ද විය හැකියි. සතිය මැද භාගයේ සිට ඔබට යහපත්ය. ආර්ථික ලාභ, රැකියා හා ව්‍යාපාර සපල වේ.

අය -05, වැය -07, ජය අංකය -09, ජය වර්ණය - දම්, සුබ දවස - බ්‍රහස්පතින්දා

වෘෂභ - ව්‍යාපාරික ප්‍රතිලාභ පෙන්වයි

වෘෂභ ලග්නයට අනුව මෙම සතිය ඔබට සුබයි.

අවිවාහක අයට මංගල යෝග හා ආදරවන්තයින්ගේ බලාපොරොත්තු සපල වනු ඇත.

සතිය මැද කිසියම් සිත් වේදනාකාරි දෙයකට මුල්වන අතර

ඒ වෙනුවෙන් මුදල් වැය වීමක් ද පෙන්වයි.

අය - 08, වැය - 04, ජය අංකය - 07, ජය වර්ණය - කහ, සුබ දිනය - බදාදා

මිථුන - අධිෂ්ඨානය ඉහළ යයි

මිථුන ලග්නය හිමි ඔබට මෙම සතිය මුල හා මැද

අප්‍රසන්න අත්දැකීම් බහුල විය හැක. විශේෂයෙන් චන්ද්‍රයා 06 - 07 - 08 - 09 යන ස්ථාන පසුකර යාම තුළ මෙම කරුණු උදාවන නමුදු ඔබට පිටරට යෝග හා ආර්ථික ලාභ පෙන්වනු ඇත. තම සහකරු හෝ සහකාරියගේ පාර්ශවයෙන් සිදුවන ඇප උපකාර නිසා තම ආත්ම අභිමානය අධිෂ්ඨානය ඉහළ යනු ඇත.

අය - 08, වැය - 03, ජය අංකය - 04, ජය වර්ණය - නිල්, සුබ දවස - සිකුරාදා

කටක - ආර්ථික ප්‍රතිලාභ

කටක ලග්නයට අනුව මෙම සතිය ඔබට වාසනාව ගෙන එයි.

විවාහවී දරුවන් ප්‍රමාද වී සිටි අයකු නම් වාසනාවන්ත දරු සම්පත් ද ආර්ථික ප්‍රතිලාභ හා නව ව්‍යාපාර කටයුතු ද හිමිවේ. රාජකාරි මට්ටමෙන් ඔබට වාසස්ථානයෙන් දුරස් වීමට සිදු වුවද නිදහස සඳහා කටයුතු සැලසේ.

අය - 07, වැය - 04, ජය අංකය - 02, ජය වර්ණය - රෝස, සුබ දවස - සඳුදා

සිංහ - සමාජ ගරු නම්බු

සිංහ ලග්නයට අනුව ඔබට සතිය සුබ වන්නේ හදිසි වාහන ප්‍රතිලාභයක් සමඟයි. එය රැකියා මට්ටමින් ද උසස් වන ලකුණු සහිතයි. චන්ද්‍රයා 04 - 05 - 06 - 07 යන ස්ථාන පසුකර යාමේදී ඔබට සමාජ ගරු නම්බු හිමිවේ. ඔබ සමාජ සේවා කටයුතු කරන්නෙකු නම් එබඳු කටයුතු සීඝ්‍ර දියුණුවකට කඩිනම් බවකට පත්වේ.

අය - 04, වැය - 07, ජය අංකය - 03, සුබ දවස - ඉරිදා

කන්‍යා - දේපළ උරුමකම්

කන්‍යා ලග්නයට අනුව මෙම සතිය තම සිතැඟි පරිදි සතුට උදාවේ. ඒ දේපළ හිමිකම් උරුමකම් සමඟිනි. කලක් පැවති නීති ගැටලුවකට සහනය උදාවේ. තමාට හිමි ව්‍යාපාර කටයුතු සීඝ්‍ර දියුණුවක කාලය සැකසේ. තමා යටතේ සිටි සේවක සේවිකාවන් තමාට ප්‍රසාදය කෘතගුණය පළ කෙරෙන සතියකි. පිටරට යෝග ව්‍යාපාර පල ඇති කෙරෙනු ඇත.

අය - 05 , වැය - 04, ජය අංකය - 08, ජය වර්ණය - කොළ, සුබ දවස - බදාදා

තුලා - සමීපතමයන්ගෙන් උපකාර

තුලා ලග්නය හිමි ඔබට මෙම සතිය තම කලාකාමි කටයුතු සාර්ථක වනු ඇත. ඒ සඳහා බොහෝ සමීපතමයන්ගෙන් ඇප උපකාර ධනය හිමි වනු ඇත. තමාට ලැබීමට තිබූ උරුමයක් පමාවී හෝ ලැබෙන සතියක් වන අතර ස්ථිර පදිංචිය සඳහා

නිවසක් ද හිමි වීමට නියමිතය.

අය - 07, වැය - 03, ජය අංකය - 07, ජය වර්ණය - රතු,

සුබ දවස - බ්‍රහස්පතින්දා

වෘශ්චික - රැකියා සපලතා

වෘශ්චික ලග්නයට අනුව ඔබට මෙම සතිය ඉතා සුබයි. කලකිරීම් අඩු තම ශ්‍රමයේ තරමට ප්‍රතිපල උදාවනු ඇත. කල්ගතවූ රෝගයක් සඳහා නිසි ප්‍රතිකාර හිමිවේ. චන්ද්‍රයා 01 - 02 - 03 - 04 යන ස්ථාන පසුකර යාමේදි තම අධ්‍යාපන කටයුතු වලට මෙන්ම රැකියාවක් කරන අයකු නම්

වෘත්තීය සපලතාව ද හිමි වෙයි.

අය - 04, වැය - 08, ජය අංකය - 09, ජය වර්ණය - කහ, සුබ දවස - සිකුරාදා

ධනු - අන් අයගේ ධන පරිත්‍යාග

ධනු ලග්නයට අනුව මෙම සතිය ඔබට තම ආර්ථික යහපත,

සිතේ සතුට, අභිවෘද්ධිය උදාවේ. තමා හැරගොස් සිටි අයකුගේ නැවත පැමිණීම සිදුවනු ඇත. කෙසේ නමුදු ඔබට අන් අයගේ සහාය ධන පරිත්‍යාග හිමිවේ. ඔබ සැලසුම් කළ නිර්මාණශීලී කටයුත්තක් ඇගයීමට ලක්වනු ඇත. ඒ තුළින් ඔබට ආර්ථික ප්‍රතිලාභයක් ද වෘත්තියේ උසස්වීමක් ද හිමි වනු ඇත.

අය - 06, වැය - 04, ජය අංකය - 08, ජය වර්ණය - රන්වන්, සුබ දවස - බදාදා

මකර - අධිෂ්ඨානය සපලවේ

මකර ලග්නයට අනුව ඔබට මෙම සතිය ජලයෙන් ගින්නෙන්

ආපදා විය හැක. තම සහෝදර ස‍හෝදරියන් වෙතින් ලැබෙන ඇප උපකාර නිසා ඉදිරි ගමනට මහත් ශක්තියක් වෙයි. චන්ද්‍රයා 11 - 12 - 01 - 02 යන ස්ථානවල ගමන ඔබගේ අධිෂ්ඨානය සපලවන ලකුණු පෙන්වයි.

අය - 04, වැය - 07, ජය අංකය - 04, ජය වර්ණය - තැඹිලි,

සුබ දවස - අඟහරුවාදා

කුම්භ - දුර බැහැර ගමන්

කුම්භ ලග්නයට අනුව ඔබට මෙම සතිය තම රැකියා ස්ථානගත සතුරු උවදුරක් බල පැවැත්වෙන නමුදු එය ක්ෂණයෙන් මැඬ පවත්වා ගැනීමට ඔබට හැකිවේ. වාහන ප්‍රතිලාභ, නව නිවාස ප්‍රතිලාභ හිමි වන අතර දුරබැහැර ගමන් බිමන් ද බහුලවේ. ආගමික කටයුතු සඳහා වැඩි යොමුවීමක් පෙන්වන අතර අය - 04, වැය - 06, ජය අංකය - 07, ජය වර්ණය - දම්, සුබ දවස - ඉරිදා

මීන - වෘත්තීය උසස්වීමක්

මීන ලග්නයට අනුව මෙම සතිය සුබයි. චන්ද්‍රයා 09 - 10 - 11 - 12 යන ස්ථානවල ගමන් කිරීමේදි නිවසේ ආගමික ස්වරූපයක් දරන අතර තම වෘත්තීය උසස්වීමක් නිසා ප්‍රිය සම්භාෂණයක් සිදු කෙරෙනු ඇත. තමා කලක සිට සූදානම් කරගෙන සිටි ආයෝජන කටයුත්තක් ක්‍රියාත්මක කෙරෙනු ඇත.

ඒ සඳහා සමීපතමයන්, සොයුරු සොයුරියන්ගේ සහාය හිමිවනු ඇත.

අය - 07, වැය - 05, ජය අංකය - 06, ජය වර්ණය - රෝස, සුබ දවස - සඳුදා

Comments