ඇමරිකාවේ පාසලක වෙඩි තැබීමක්- සිසුන් තිදෙනෙකු මිය යයි | සිළුමිණ

ඇමරිකාවේ පාසලක වෙඩි තැබීමක්- සිසුන් තිදෙනෙකු මිය යයි

ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ පාසලක, සිසුවෙකු කළ වෙඩි තැබීමකින් සිසුන් 3 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වෙයි.
 
මෙම වෙඩි තැබීමෙන් ගුරුවරයෙකු ඇතුළු 8කට තුවාල ලබා ඇති බව ද විදෙස්  මාධ්‍ය වාර්තා කරයි.
 
15 හැවිරිදි සිසුවෙකු විසින් අර්ධ ස්වයංක්‍රිය ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වේ.
 
වෙඩි ප්‍රහාරයෙන්  මියගොස් ඇත්තේ වයස අවුරුදු 16ක පිරිමි ළමයෙකු සහ 14 හැවිරිදි සහ 17 හැවිරිදි ගැහැණු ළමුන් දෙදෙනෙකි.
 
තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් දෙදෙනෙකු සැත්කමක් සඳහා යොමු කර ඇති බව සඳහන් වේ.
 

Comments