ඇඟළුම් කර්මාන්ත ශාලාවේ වැසිකිළියෙන් බිළිඳු මළ සිරුරක් හමුවෙයි | සිළුමිණ

ඇඟළුම් කර්මාන්ත ශාලාවේ වැසිකිළියෙන් බිළිඳු මළ සිරුරක් හමුවෙයි

පූඩළුඔය, නියන්ගන්දර ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක වැසිකිළියක තිබී බිළිදු මළ සිරුරක්  ඊයේ (29) සොයා ගෙන ඇති බව පූඩළුඔය පොලිසිය ප්‍රකාශ කරයි
 
මෙම බිළිඳු සිරුර කොත්මලේ රෝහලට ඇතුළත් කරන විට දී  ද මියගොස් සිට ඇත
 
මෙම සිද්ධියට අදාළව වයස අවුරුදු 23ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාරිය පූඩළුඔය පදිංචිකාරිනියෙකි.
 
සැකකාර කාන්තාව නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
 
මෙම කාන්තාව බන්ධනාගාර නිළධාරීන්ගේ ආරක්ෂාව යටතේ නාවලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

Comments