SLICCA ආය­ත­නයේ ඩිප්ලෝමා හා උපාධි ප්‍රදා­නය | සිළුමිණ

SLICCA ආය­ත­නයේ ඩිප්ලෝමා හා උපාධි ප්‍රදා­නය

 

SLICCA ආයතනයේ ඩිප්ලෝමා හා උපාධි ප්‍රදානයරසකැවිලි සහ සූපශාස්ත්‍ර මෙරට ප්‍රවර්ධනය කිරීම පිණිස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ඩිප්ලෝමාවේ සිට උපාධිය දක්වා වූ අධ්‍යයන කටයුතු සිදු කරනු ලබන (SLICCA) ඩිප්ලෝමා හා උපාධි ප්‍රදානය පසුගියදා කොළඹදී පැවැත්වුණි.

ආසියා - අප්‍රිකානු එකමුතුව දියත් කිරීමද මෙහිදී සිදු කෙරුණු අතර එහි ආරම්භක සභාපති, වරුන් ගුප්තා, ඇමරිකාවේ On Sky Global හි උප සභාපති නරේෂ් මල්හෝත්‍රා හා සන්දීප් ගුලාටි මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වූ අතර ඩිප්ලෝමාධාරීන් හා උපාධිධාරීන් SLICCA අධ්‍යක්ෂිකා ආචාර්ය ෆාතිමා රුෂ්ඩා නජබුද්දීන් ද සමඟ සේයාරුවකට මුහුණ දුන් අයුරු. SLICCA ආයතනය මඟින් මේ දක්වා ඩිප්ලෝමාධාරීන් හා උපාධිධාරීන් 11,000කට අධික පිරිසක් වසර කිහිපයක් තුළ බිහි කර තිබීම විශේෂත්වයකි. එමෙන්ම ඉදිරි වසරේ සිට පශ්චාත් උපාධි ප්‍රදානයටද ආයතනයට අවසර ලැබී ඇතැයි SLICCA අධ්‍යක්ෂිකා ආචාර්ය ෆාතිමා රුෂ්ඩා නජාබුද්දීන් පවසා සිටී.

Comments