RakutenViber මාලිංග සමඟ එක්ව ක්‍රිකට් අත්දැකීම් ගෙන එයි | සිළුමිණ

RakutenViber මාලිංග සමඟ එක්ව ක්‍රිකට් අත්දැකීම් ගෙන එයි

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ වේග පන්දු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග Viber හි ඔහුගේ පළමු නිල සමූහය එළිදැක්වීමට RakutenViber සමඟ එක්වෙයි.ඔහුගේ ක්‍රීඩා රසිකයින්ට දැන් AR තාක්ෂණ බලයෙන් ක්‍රියාත්මක වන කාච හරහා ඔහුගේ නිරූපිත විලාසිතාව සහ ස්ටිකර් ඇසුරුම් හරහා ඔහුගේ ජනප්‍රිය ක්‍රිකට් විලාසය අත්විඳිය හැකිය. ලොව පුරා සිටින ක්‍රීඩා ලෝලීන්ට උද්වේගකර මුහුණුවරයන් සහ ක්‍රියාකාරකම් මාලාවක් හරහා අන් කවරෙකුටවත් වඩා ක්‍රිකට් අත්දැකීමක් ලබා දීම සඳහාලෝක පූජිත, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග සමඟ RakutenViber හවුල්කරුවන් ලෙස එක් වීම ක්‍රිකට් ලෝලීන්ගේ සතුටට කරුණක් වනු ඇත. ඔහුගේ අසාමාන්‍ය පන්දු යැවීමේ ඉරියව්ව හා යෝකර් පන්දු යැවීමේ දක්ෂතාවය හේතුවෙන්‘ස්ලිංගා මාලිංග’යන අන්වර්ථනාමයෙන්ද හඳුන්වනු ලබන මාලිංග, 2004වසරේදී සිය මංගල ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට සහභාගී විය.ඔහු එක්දින තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 338ක් දවාගනිමින් ලංකාවවේ තෙවැනි වැඩිම කඩුලු ලාභියා ලෙස පත්ව ඇත.

Comments