My Huawei App දැන් ශ්‍රී ලාංකේය පරිශීලකයන් වෙතටත් | Page 2 | සිළුමිණ

My Huawei App දැන් ශ්‍රී ලාංකේය පරිශීලකයන් වෙතටත්

 

ලොව ප්‍රමුඛ තාක්ෂණික සේවා සහ විසඳුම් සපයන ආයතනයක් වන Huawei විසින්, සෑම විටම සිය තාක්ෂණික නිෂ්පාදන සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියේදී පාරිභෝගික පහසුව යන සාධකය පිළිබඳ දැඩි අවධානයකින් කටයුතු කරයි. විශේෂයෙන්ම පරිශීලකයින් සඳහා වඩාත් දියුණු තාක්ෂණික සේවා අත්දැකීමක් ළඟා කරලීම සඳහා කලින් කලට Huawei විසින් සිය නිෂ්පාදන සඳහා විවිධ දියුණුකිරීම් එක් කරයි. මෙලෙස දේශීය පාරිභෝගිකයා වෙත නවතම ස්මාර්ට් තාක්ෂණික අත්දැකීමක් ලබාදීමේ අරමුණින් Huawei විසින් My Huawei App, සිය ස්මාර්ට් උපාංගයන් වෙත එක්කර ඇත. My Huawei App යනු, පරිශීලකයින් සඳහා ඔවුන්ගේ තාක්ෂණික අත්දැකීම් බෙදාහදා ගැනීමට සහ නිවැරදි සේවාවන් සොයා ගැනීමට උපකාරී වන යෙදුමකි. මෙය Huawei Support App හි යාවත්කාලීන කරන ලද version එකක් වන අතර, මෙය Huawei ස්මාර්ට් දුරකථනයන්හි pre-install කර පැමිණේ. මේ හරහා Huawei උපාංග පරිශීලනය කරන පාරිභෝගිකයින් හට Huawei official support සේවාවන් හා ඍජුව සම්බන්ධ විය හැකි අතර, ඔවුන්ගේ තාක්ෂණික ගැටලු සඳහා විසඳුම් ලබාගත හැකිය.

 

Comments