HNB FINANCE යාළු ළමා ගිණුමෙන් පොඩිත්තන්ට තෑගි | Page 2 | සිළුමිණ

HNB FINANCE යාළු ළමා ගිණුමෙන් පොඩිත්තන්ට තෑගි

ලංකාවේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC, 2021 වසරේ ඔක්තෝම්බර් පළමු වනදාට යෙදුණු ලෝක ළමා දිනය වෙනුවෙන් HNB FINANCE හි ළමා ඉතුරුම් ගිණුම වන ”යාළු” ගිණුමේ අනුග්‍රහයෙන් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කරන ලදී.

මෙම වැඩසටහන HNB FINANCE සමාගමේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ දියත් කරන ලද අතර තම කැමැත්ත අනුව ඕනෑම කෙනෙකුට එයට සහභාගී වීමට අවස්ථාව ලබා දෙන ලදි.

මෙහිදී දෙමාපියන්ට සිය පවුලේ සාමාජිකයින් සමඟ ලෝක ළමා දිනය සමරන ආකාරය දැක්වෙන සමූහ ඡයාරූපයක් #HNBFChildrensDay 2021 හැෂ් ටැගය යටතේ නිල ෆේස් බුක් පිටුවට අප්ලෝඩ් කරන ලෙස ඉල්ලීමක් කෙරිණ.

මෙම වැඩසටහන මුළුමනින්ම අන්තර්ජාලය මත ක්‍රියාත්මක වූ බැවින් අවදානමකින් තොරව සිය නිවෙස්වල සිටම මේ සඳහා එක් වීමට විශාල පිරිසකට අවස්ථාව උදා විය.

මෙහිදී #HNBFChildrensDay 2021 වැඩසටහන සමඟ සම්බන්ධ වූ පවුල් විසින් එවනු ලැබූ ඡායාරූප අතුරින් ප්‍රශස්ත සේයාරූ 10ක් තෝරාගෙන එම ජයග්‍රාහකයන් සඳහා නොවැම්බර් මාසය තුළ ත්‍යාග පිරිනැමීමට HNB FINANCE සමාගම කටයුතු කරනු ඇත.

Comments