GLX Digital Evolver වැඩසටහන ඩිජිටල් පරිවර්තනයෙන් ව්‍යාපාර වර්ධනයේ ප්‍රතිඵල පෙන්වයි | සිළුමිණ

GLX Digital Evolver වැඩසටහන ඩිජිටල් පරිවර්තනයෙන් ව්‍යාපාර වර්ධනයේ ප්‍රතිඵල පෙන්වයි

 

ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යවසායන් ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වීම අරමුණු කරගනිමින්, ගුඩ් ලයිෆ් එක්ස් (Good Life X- GLX) ආයතනය 2021 මාර්තු මාසයේදී ආරම්භ කර සති 12කට වැඩි කාලයක් අති සාර්ථකව පැවැත්වූ ‘GLX Digital Evolver’ වැඩසටහන පසුගියදා නිමාවට පත්විය.

මාස තුනක කාලයක් පුරා පැවති මෙම වැඩසටහනට ජර්මානු ආර්ථික සහයෝගීතා හා සංවර්ධන අමාත්‍යාංශය මූල්‍ය අනුග්‍ර හය දැක්වූ අතර, වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී GIZ Sri Lanka ආයතනයේ දායකත්වය ද හිමිවිය.වැඩසටහනේ සමාප්ති උත්සවය අන්තර්ජාලය හරහා පැවැත්විණි.

ඊට ව්‍යාපාර 10ක නියෝජිතයෝ ද, ඩිජිටල් සහ සංචාරක ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයින් 10 දෙනෙක් ද එක්වූහ.

තව ද, ධනාත්මක උපදේශකයෙකු මෙන්ම හෝටල් සංවර්ධන ක්ෂේත්‍ර ය පිළිබඳ හසළ දැනුමක් ඇති, RETRACE Hospitality හි නිර්මාතෘ චලන පෙරේරා ආරාධිත දේශකයෙකු ලෙස එම අවස්ථාවට සම්බන්ධ වූයේය.

එහිදී වැඩසටහනට සහභාගීවූවන් හා නරඹන්නන් සමඟ සිය විශේෂඥ අදහස් හුවමාරු කරගත් ඔහු, සංචාරක ව්‍යාපාරයට අදාළ වැදගත් කරුණු මෙන්ම මෙම වැඩසටහනේ විශේෂ අවස්ථා පිළිබඳව ප්‍රවීණයින් සමඟ සාකච්ඡා කිරීමටත් කාලය යොදාගත්තේය.

Comments