යාපනයේ කඩොලාන සංරක්ෂණයට ටෝකියෝ සිමෙන්ති වෙතින් නාවික හමුදාවට සහාය | සිළුමිණ

යාපනයේ කඩොලාන සංරක්ෂණයට ටෝකියෝ සිමෙන්ති වෙතින් නාවික හමුදාවට සහාය

 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කඩොලාන සංරක්ෂණය සහ වෙරළ ඛාදනය වැළැක්වීමේ දූරදර්ශී අරමුණ ඇතිව යාපනය අර්ධද්වීපයේ කඩොලාන පැළ 5,000ක් සිටුවීමේ වැඩසටහනක් දියත් කර ඇත.නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ මගපෙන්වීම යටතේ දියත් කරන ලද මෙම ව්‍යාපෘතිය මඟින් යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල කලපු ආශ්‍රිතව කඩොලාන පැළ සිටුවීම සිදුකෙරේ.මෙම මහඟු වැඩපිළිවෙළට සහයෝගය දක්වමින් ටෝකියෝ සිමෙන්ති සමූහය සිය ත්‍රිකුණාමල කර්මාන්තශාල පරිශ්‍රයේ පිහිටි කඩොලාන පැළ තවානෙහි රෝපණය කරන ලද පැළ 3,500කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව වෙත සපයා දෙන ලදී.

Comments