පීපල්ස් ලීසිං වෙතින් ‘PLC Touch’ Mobile app | සිළුමිණ

පීපල්ස් ලීසිං වෙතින් ‘PLC Touch’ Mobile app

 

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම (People’s Leasing & Finance PLC) ‘PLC Touch’ නමින් ත්‍රයි භාෂික ජංගම යෙදුමක් (Mobile app)හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම යනු රජයේ හිමිකාරීත්වය යටතේ පවතින, මෙරට ප්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය ආයතනයකි. ශ්‍රී ලංකාවේ මෙම වර්ගයේ යෙදුමකට මුල්ම වරට ඇතුළත් වන රක්ෂණාවරණ සබැඳි විශේෂාංග රැසක් ඇතුළුව සුවිශේෂී අංග රාශියක් PLC Touch යෙදුමට ඇතුළත් වේ.

“රක්ෂණාවරණ සබැඳි විශේෂාංග ඇතුළත් මෙවැනි Mobile app විසඳුමක් හඳුන්වා දෙන ප්‍රථම බැංකු නොවන මූල්‍ය ආයතනය බවට පත්වීමට හැකිවීම අපට මහත් සතුටක්. මෙය, දැනට පවතින තත්ත්වය හමුවේ ගනුදෙනුකරුවන්ගේ පහසුව මෙන්ම ආරක්ෂාවද තහවුරු කරන පියවරක් ලෙස හැඳින්විය හැකියි. PLC Touch App භාවිතයෙන් කෙනෙකුට අපගේ ශාඛා වෙත පැමිණීමෙන් තොරව, තම නිවසේ සිටම අවශ්‍ය ගනුදෙනු සිදුකිරීමට පුළුවන්. ” පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සාමාන්‍යාධිකාරී ශමීන්ද්‍ර මාර්සිලීන් පැවසී ය.

Comments