අයිඩියල් ෆස්ට් චොයිස් විසින් Gulf Lubricants හඳුන්වා දෙයි | සිළුමිණ

අයිඩියල් ෆස්ට් චොයිස් විසින් Gulf Lubricants හඳුන්වා දෙයි

 

මෙරට රථවාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ව්‍යාපාර සමූහයක් වන අයිඩියල් ව්‍යාපාර සමූහයට අයත් අයිඩියල් ෆස්ට් චොයිස් පුද්ගලික සමාගම විසින් ලොව පුරා ජාත්‍යන්තරව පිළිගත් Gulf Lubricants මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබීය.

ලොව පුරා රටවල් 100කට අධික ප්‍රමාණයක ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්ව ඇති Gulf Lubricants ශ්‍රී ලංකාවේ අලෙවි නියෝජිත ලෙස Gulf Lubricants India සමාගම විසින් අයිඩියල් ෆස්ට් චොයිස් පුද්ගලික සමාගම පත්කර ඇති අතර Gulf Lubricants සන්නාමය මෙරටට හඳුන්වාදීම කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ පැවති උත්සවයකදී සිදුකෙරිණි.

ආසියාව පුරා බෙහෙවින් ජනප්‍රියත්වයට පත්ව ඇති Gulf Lubricants හී මෙහෙයුම් කටයුතු Gulf Lubricants India සමාගම මගින් සිදුකරනු ලබයි. Gulf Lubricants India සමාගම යනු, ඉන්දියාවේ ප්‍රමුඛතම සමාගම් දහයෙන් එකක් වන Hinduja ව්‍යාපාර සමූහයේ එක් ව්‍යාපාරික අංශයකි. විශේෂයෙන්ම Gulf Lubricants පාකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය ඇතුළු සාක් කලාපීය රටවල බෙහෙවින් පිළිගැනීමට ලක්ව වී ඇති ලිහිසිතෙල් සන්නාමයක් වේ. එමෙන්ම Gulf Lubricants සමාගම ලොව ප්‍රමුඛතම පාපන්දු කණ්ඩායමක් වන එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ්, ලෝකප්‍රකට මෝටර් රථ කණ්ඩායමක් වන Maclarance කණ්ඩායමට අනුග්‍රහය ලබාදෙනු ලබයි.

Comments