වසරේ විශි­ෂ්ට­තම අප­න­ය­න­කරු සම්මා­නය 7 වන වර­ටත් බ්‍රැන්ඩික්ස් සමා­ග­මට | Page 2 | සිළුමිණ

වසරේ විශි­ෂ්ට­තම අප­න­ය­න­කරු සම්මා­නය 7 වන වර­ටත් බ්‍රැන්ඩික්ස් සමා­ග­මට

 ශ්‍රී ලංකාවේ 2019 - 2020 වසරේ විශිෂ්ටතම අපනයනකරු ජනාධිපති සම්මානය 7 වන වරටත් දිනා ගැනීමට බ්‍රැන්ඩික්ස් සමාගම මෙවරත් සමත් විය. ඒ පිළිබඳ සම්මානය නොවැම්බර් 26 වැනිදා කොළඹදී පැවැති ජනාධිපති අපනයන සම්මාන උලෙළේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් අතින් බ්‍රැන්ඩික්ස් සමූහයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී හසිත ප්‍රේමරත්න විසින් ලබාගත් අයුරු මෙහි දැක්වේ. කොළඹ බණඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම සම්මාන උලෙළ පැවැතියේ 25 වන වරටය. වසර 2019 – 2020 සියලුම අපනයන කාණ්ඩ අතරින් මෙරට ආර්ථිකයට වැඩිම දායකත්වයක් ලබා දුන් අපනයනකරු ලෙස ප්‍රමුඛස්ථානය තවදුරටත් තහවුරු කර ගැනීමට බ්‍රැන්ඩික්ස් සමාගම මෙවරද ඒ අනුව සමත් විය. මෙම අවස්ථාව සඳහා වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇතුළු ආරාධිතයන් රැසක් එක්ව සිටියහ.

Comments