
මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල් පනත සංශෝධනය සඳහා වූ පනත් කෙටුම්පතට වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය 25 වැනිදා හිමි විය. වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් එම සභාව පාර්ලිමේන්තුවේදී රැස් වූ අතර එහිදී මහපොළ ශිෂ්‍යත්ව අරමුදල ලලිත් ඇතුළත්මුදලි ශිෂ්‍යත්ව
අරමුදල ලෙස නම් කිරීම මහපොළ භාරකාර අරමුදලේ සභාපති ධූරය ජනාධිපතිවරයා විසින් නම් කරනු ලබන විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ සහ එම ආයතන පිළිබඳව පොදු දේපළ පනත යටතේ කටයුතු කිරීම යන සංශෝධන තුනට එහිදී කාරක සභා අනුමැතිය හිමි විය. ඒ අනුව මෙම පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.