නව මැනු­ම්පති ඒ. දිසා­නා­යක | Page 5 | සිළුමිණ

නව මැනු­ම්පති ඒ. දිසා­නා­යක

 ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ 52 වැනි මිනුම්පතිවරයා ලෙස ඒ. දිසානායක පත්වී ඇත. දියතලාව මැනුම් හා සිතියම්ගත කිරීමේ ආයතනයේ මැනුම් විද්‍යාව පිළිබඳ උසස් ඩිප්ලෝමාව සාර්ථකව නිම කරන ලද ඔහු 1988 වසරේ සිට දිවයිනේ විවිධ ප්‍රදේශවල මිනින්දෝරුවරුන්ගේ අධීක්ෂණ කටයුතුවල නිරත වෙමින් රටේ සංවර්ධන ක්‍රියාදාමයට දායක වී ඇත. ඔහු ඇමෙරිකාවේ ඔහායෝ විශ්ව විද්‍යාලයේ භූමිතික හා මැනුම් විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති විද්‍යාවේදී (Msc) උපාධිය ද සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව දෙපාර්තමේන්තුවේ භූමිතික මැනුම් කටයුතු මෙහෙයවීම මඟින් රටේ විවිධ සංවර්ධන කටයුතු සඳහා දායකත්වය ලබාදී ඇති අතර භූමිතික මැනුම් විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස ද දී‍්ර්ඝ කාලයක් මැනුම් හා සිතියම්ගත කිරීමේ ආයතනයට සේවය කර ඇත. දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවය කර ඇති ඒ. දිසානායක නව මැනුම්පති ධූරයට පත්වනුයේ වසර 36 ක සේවා පළපුරුද්දක ඇවෑමෙනි.

Comments