57 වැනි යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවලිය | Page 2 | සිළුමිණ

57 වැනි යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවලිය

 

කඟවේනා - හිමාෂ

සචිනි ගෙන් රිටි පැනිමේ ශ්‍රී ලංකා වාර්තාවක්

යුද හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතාවලියේ කාගේත් අවධානය දිනා ගත් ඉසව්වක් වු පිරිමි මීටර් 100 අවසාන තරගයේ ශූරයා බවට පත් වීමට ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ හිමාෂ ඒෂාන් සමත් විය.එහිදී හීමාෂ දැක්වූ දක්ෂතාව තත්.10.29කී.

කාන්තා මීටර් 100 කඩුළු තරණ ඉසව්වේ ශූරිය වුයේ ශ්‍රී ලංකා යුධ හමුදා කාන්තා බලකා (ඒ) කණ්ඩයේ W.V.L සුගන්ධි ය.සුගන්ධි පසුගිය වර්ෂ කිහිපයේදීම එම ඉසව්වේ ජාතික ශූරිය වු අතර මේ තරගයේ දක්ෂතාවය තත්.13.84කි.එම තරග නිමි කාලය තරගාවලි වාර්තාවක් ලෙසින්ද සනිටුහන් විය.

මේ අතර යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවලියේදී කාන්තා රිටි පැනිමේ ඉසව්වෙන් ශ්‍රී ලංකා වාර්තාවක් සමඟ මීටර් 3.60 ක දක්ෂතාවක් දැක්වීමට සංඥා බලකායේ සචිනි පෙරේරා සමත්වුවාය.

සචිනි මෙවර තරගාවලියේ දී මීටර් 3.58ක් දක්ෂතාවක් සමඟ පසුගිය මාසයේ ජාතික ශූරතාවලියේදී ඇය විසින්ම පිහිටුවා තිබූ මීටර් 3.57ක ජාතික වාර්තාව බිඳ දැමීමට සමත්වු අතර ඉන්පසුව ඇය පළමු උත්සාහයේදීම මීටර් 3.60 ක් දක්ෂතාව දැක්වීමට සමත් වූ අතර පසුව මීටර් 3.70 ක උස තරණය කිරීමට උත්සහ කළා. නමුත් එකි සියලු බලාපොරොත්තුවලට බාධා කරමින් වර්ෂාව ඇද හැලිමත් සමඟ සම්පූර්ණ කරගත හැකි වූයේ එක් උත්සාහයක් පමණි. 2020 ජාතික ශූරතාව – 3.56 (ජාතික වාර්තාව),2021 ජාතික ශූරතාව – 3.57 (නව ජාතික වාර්තාව),2021 යුද හමුදා ශූරතාව – 3.58 , 3.60(ජාතික වාර්තා) වශයෙන් සචිනි මේ දක්වා අඛණ්ඩව ජාතික වාර්තාව අලුත් කිරීමට සමත්ව තිබේ.

මේ අතර ක්‍රීඩා මුද්‍රණයට යන විට සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 57 වැනි යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවලියේ නව තරග වාර්තා රැසක් බිහි කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වුහ.

මිටර් 200x4 පිරිමි සහාය දිවිමේ තරගය විනාඩි 1.23.71කින් නිම කරමින් ද, මිශ්‍ර සහාය දිවිමේ තරගය විනාඩි 1.50.14කින් ද, ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ ක්‍රීඩකයෝ නව වාර්තා පිහිටුවිමට සමත්වුහ.පිරිමි රිටි පැනිමේ ඉසව්වේදී විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ කේ. පවිත්‍රන් සහ සේවා බලකායේ එච්.එස්.ඊ. ජනිත් මිටර් 5ක දක්ෂතාවක් දක්වමින් නව වාර්තාවක් අලුත් කිරීමට සමත්වුහ.කාන්තා මිටර් 100x4 සහාය දිවිමේ තරගය තත්. 47.33කින් ද, කාන්තා මිටර් 200x4 සහාය දිවිමේ තරගය විනාඩි 1.39.10කින් ද, කාන්තා මිටර් 1500x4 සහාය දිවිමේ තරගය විනාඩි 19.53.56කින් ද, මිශ්‍ර සහාය දිවිමේ තරගය විනාඩි 2.08.99කින් නිම කරමින් ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා (ඒ) බලකායේ ක්‍රීඩිකාවන් ද, නව වාර්තා පිහිටුවිමට සමත්වුහ.

බන්ධුල ජයමාන්න

 

ඡායාරූප - ජගත් ඉරෝෂණ

Comments