ස්වීඩනයේ පළමු අගමැතිනියගේ ධූර කාලය පැයකට සීමා වෙයි | සිළුමිණ

ස්වීඩනයේ පළමු අගමැතිනියගේ ධූර කාලය පැයකට සීමා වෙයි

ස්වීඩනයේ ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙස පත් වූ මැග්ඩලීනා ඇන්ඩර්සන් සිය රාජකාරී අරඹා පැයකට පමණ පසු තම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
 
සුළුතර සභාග රජයකට නායකත්වය දීමට සිදුවීමේ කටුක යථාර්ථය හමුවේ මෙම තීරණය ගත් බවයි ඇය පවසයි
 
ස්වීඩන් පාර්ලිමේන්තුව වෙත ඇය ඉදිරිපත් කළ අය වැය පරාජය වීම ද  මෙම තීරණයට හේතු වී ඇත
 
ඇයගේ සභාග පක්ෂය ද අය වැය සඳහා ඡන්දය ප්‍රකාශ කර නොමැති බව පැවසෙනවා
 
කෙසේ වෙතත් ඉදිරියේදී තමන් තනි පක්ෂයක් මගින් ඉදිරිපත් වී අග්‍රමාත්‍යවරිය ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි මැග්ඩලීනා ඇන්ඩර්සන් පවසයි
 

Comments