අලුත උපන් දැරිය වැළලු මවක් අත්අඩංගුවට | සිළුමිණ

අලුත උපන් දැරිය වැළලු මවක් අත්අඩංගුවට

යාපනය චාවකච්චෙරි පොලිස් වසමේ මට්ටුවිල් උතුර ප්‍රදේශයේ මවක් විසින් ඊයේ (23) අළුයම දරු ප්‍රසූතියක් සිදු කර එම දරුවා නිවස පිටුපස පණපිටින් වළලා ඇති බවට පොලිසියට ලද තොරතුරක් මත කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.
 
එම ප්‍රදේශය භාර ග්‍රාම නිළධාරිනි විසින් චාවකච්චේරි පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය එම ස්ථානය පරීක්ෂා කිරීමේ දී වල දමා සිටි බිළිඳිය සොයා ගෙන තිබෙයි
 
කෙසේ වෙතත් බිළිඳිය විට මිය ගොස් සිට නොමැති අතර ඇය මේ වන විට යාපනය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
 
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන චාවකච්චේරි පොලිසිය මගින් සිදු කරයි
 

Comments