Crysbro වෙතින් නව කුකුළු මස් නිෂ්පාදන 2ක් | සිළුමිණ

Crysbro වෙතින් නව කුකුළු මස් නිෂ්පාදන 2ක්

 

ලංකාවේ ප්‍රමුඛ පෙළේ කුකුළු මස් නිෂ්පාදන සමාගම වන Crysbro ජාත්‍යන්තර මට්ටමේ තත්ත්ව සහතිකයක් සඳහා වන කැපවීම වෙනුවෙන් මෙන්ම කර්මාන්තයේ ප්‍රමුඛතම රේඛීය නිෂ්පාදන ක්‍රියාවලියක නිරතව සිටින අතර මෑතකදී දේශීය වෙළෙඳපොළ වෙත නව කුකුළු මස් නිෂ්පාදන දෙකක් හඳුන්වා දෙයි.

ආරම්භයේ සිට අවසානය දක්වා තත්ත්ව පාලනය සහතික කළ ගෘහස්ථ නිෂ්පාදනයක් වන නව නිෂ්පාදන දෙක වන්නේ 12-කට් ”ලේසි චිකන්” Lesi Chicken ඇසුරුම සහ කුකුළු මස් වල ශරීර අභ්‍යන්තර කොටස් ඉවත් කළ ”ශීත කළ චිකන් Frozen Griller Chicken ය. නව නිෂ්පාදන ද්විත්වයම ISO 9001:2015Ó ISO 14001:2015Ó ISO 22000:2018 සහ හලාල් සහතිකය සහිත උසස් තත්වයේ කුකුළු නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත රැගෙන එන බව සහතික කරයි.විශේෂයෙන් ආහාර පිසීමේදී ජනතාව අත්විඳින දෛනික දුෂ්කරතා අවබෝධ කර ගන්නා සමාගමක් ලෙස, Crysbro සමාගම සෑම පුද්ගලයෙකුගේම කාර්යබහුල ජීවන රටාව තුළ පහසුව සහතික කිරීම වෙනුවෙන් කටයුතු කරයි.

Comments