‘රංචාගොඩ ළමයා’ සමු ගනී | සිළුමිණ

‘රංචාගොඩ ළමයා’ සමු ගනී

දෙටු ප්‍රවීණ පුවත්පත් කලාවේදීයකු වූ සිරිලාල් කොඩිකාර ඉකුත් සිකුරාදා අභාවප්‍රාප්ත වූ අතර ඒ පිළිබඳ අවසන් කටයුතු 20 වැනි සෙනසුරාදා පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කෙරේ. දේහය මහජන ගෞරවය සඳහා සෙනසුරාදා උදෑසන සිට ජයරත්න මල් ශාලාවේ තැන්පත්කර තිබේ.

මහනුවර, තලාතුඔයදී 1924 අගෝස්තු 27 උපන් සිරිලාල් කොඩිකාර මියයන විට 97 වැනි වියෙහි පසු විය. දවස පුවත්පතෙන් සිය මාධ්‍ය ජීවිතය ඇරැඹු හෙතෙම කෙටි කලකින් ඇත්ත පුවත්පතට බැඳුණු අතර ඒ හරහා ජනතාව වෙනුවෙන් පෙනී සිටි මාධ්‍යවේදියකු විය. එමෙන්ම ඒ යුගයේ බොහෝ ජනප්‍රිය වූ ‘රංචාගොඩ ළමයා‘ කාව්‍ය විශේෂාංගයද ඔහුගේ නිර්මාණයක් විය. පසුකාලීනව එය සිළුමිණටද ලියන ලදී.

ගුරුවරයකු වූ අනුලා වීරසූරිය සමඟ විවාහ වූ සිරිලාල් තිිදරු පියෙකි. ඔහුගේ කනිටු පුත්‍රයා වූ පසන් මෙයට වසර කීපයකට පෙරදී මිය ගියේය.

 

Comments