ලේක්හවුස් ආයතනයේ අධ්‍යාපන ප්‍රකාශන වෙබ් අඩවිය ජනගත කිරීම | Page 3 | සිළුමිණ

ලේක්හවුස් ආයතනයේ අධ්‍යාපන ප්‍රකාශන වෙබ් අඩවිය ජනගත කිරීම

ලේක්හවුස් ආයතනයේ අධ්‍යාපන ප්‍රකාශන වෙබ් අඩවිය ජනගත කිරීම ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් ලේක්හවුස් ශ්‍රවණාගාරයේදී ඉකුත් 16දා පැවැත්විණි. එම අවස්ථාවට පැමිණි ජනමාධ්‍ය ඇමතිවරයා ආයතනයික කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චන්දන බණ්ඩාර විසින් පිළිගත් අවස්ථාව මෙහි දැක්වේ. දකුණු පස ඡායාරූපවලින් දැක්වෙන්නේ උත්සවයේ සමාරම්භක අවස්ථාව සහ සෙසු විශේෂ අවස්ථාවන්ය. මුතු අහුර 1,2,3,4, විදුනැණ, සිත්මිණ ඇතුළු ලේක්හවුස් ආයතනය මඟින් බෙදාහරිනු ලබන සියලු අධ්‍යාපන ප්‍රකාශන පිළිබඳ තොරතුරු https://www.lakehouseeducation.lk වෙබ් අඩවිය විවෘත වීම මෙහි දැක්වේ. ආයතනික අධ්‍යාපන ප්‍රකාශන ඇණවුම් කිරීමට පුවත්පත් නියෝජිතවරුන්ගේ තොරතුරු ද එහි ඇතුළත්ය. බුදුසරණ පුවත්පත මඟින් හඳුන්වා දෙන ලද තිළිණපත ඇමැතිවරයාට පිළිගැන්වීම ද මෙහිදී ලේක්හවුස් සභාපති, ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න අතින් සිදු කෙරිණි. මෙම තිළිණපත් ක්‍රමවේදය මඟින් රුපියල් 1.000 සහ රුපියල් 2.000 වටිනාකමකින් යුක්ත තිළිණපත් හඳුන්වා දී ඇත. මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් නීතිඥ ජගත් පී. විජේවීර, ලේක්හවුස් ආයතනයේ නීති සහ පරිපාලන අධ්‍යක්ෂ නීතිඥ රඛිත අබේගුණවර්ධන, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී කාරියවසම්, මූල්‍ය අධ්‍යක්ෂ නීතිඥ ජනක රණතුංග, මෙහෙයුම් අධ්‍යක්ෂ නීතිඥ කණිෂ්ක විතාරණ, වැඩබලන සාමාන්‍යාධිකාරි සුමිත් කොතලාවල ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Comments