ඩෙල්ටා ප්‍රභේ­දය යළි අලුත් වේ | සිළුමිණ

ඩෙල්ටා ප්‍රභේ­දය යළි අලුත් වේ

ශ්‍රී ලංකාවටම ආවේණික වූ නව කොවිඩ් 19 වයිරසයේ ප්‍රභේදයක් වන ඩෙල්ටා ප්‍රභේදයේ තවත් අනු ප්‍රභේදයක් B1 617 2 AY 104 නමින් ජාන විශ්ලේෂණ වාර්තා මඟින් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂක ආචාර්ය චන්දිම ජීවන්දර සිළුමිණට පැවැසීය.

ඩෙල්ටා ( B1 617 2) ප්‍රභේදය විවිධ කාලවලදී විවිධ විකෘතිතා සහිත අනුව අනු ප්‍රභේදය නාමකරණයක යෙදෙන බවත් පවසන ආචාර්ය ජීවන්දර ඒ අනුව මින් පෙර මෙරටට පමණක් ආවේණික ප්‍රභේදයක් මින් පෙර ජූනි මාසයේදී B1 617 2 AY 28 නමින් හඳුණාගත් අතර; එය වඩාත් පැතිර යාම සිදුවූයේ බස්නාහිර පාළාත ආශ්‍රිතවය. මේ නව අනු ප්‍රභේද විශේෂයෙන් උතුරු පළාත, හම්බන්තොට, උතුරුමැද වැනි ප්‍රදේශ ආශ්‍රිතව වැඩි වශයෙන් පැතිරීම සිදු වෙයි.

 

Comments