රිස්සේ විස්සේ ජය ලැබූ නායකයෝ | සිළුමිණ

රිස්සේ විස්සේ ජය ලැබූ නායකයෝ

'නායකත්වය සුන්දර ය. ඒ සාර්ථක වනවිට ය. ඇතැම්විට එය කටු ඔටුන්නකි. එය එසේ වන්නේ එකී වගකීම නිසි පරිදි ඉටුකිරීමට අසීරුවන විට දී ය. එහි වගකීම් සාර්ථකව ඉටුකළ ද ලෝකයම එක්ව සටන් වදින ඇතැම් තරගාවලියක ශූරතාව කරා තම කණ්ඩායම මෙහෙයවීමේ වාසනාව හිමිවන්නේ සීමිත නායකයන් පිරිසකට ය. එය එක්තරා ආකාරයකට විජයග්‍රහණයක් සේ සැලකිය හැක. ජයග්‍රහණය විජයග්‍රහණයක් කරා මෙහෙය වූ ලොව බිහි වූ සීමිත ක්‍රිකට් නායකයන් කීපදෙනෙක් ගැන සංක්ෂිප්ත සිහිපත් කිරීමකි මේ. "

19 වැනි සියවසේ ආරම්භ වුණු අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව, 20 වැනි සියවසේ ආරම්භ වුණු අන්තර්ජාතික එක්දින ක්‍රිකට් ක්‍රීඩාව, 21 වැනි සියව‍සේ ආරම්භ වුණු අන්තර්ජාතික විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාව ආදි මේ සෑම තරග රටාවක් තුළින් ම විවිධ දස්කම් විස්කම් පෑ ක්‍රිකට් නායකවරුන් අපට කලින් කලට දැක ගත හැකි විය. 2021 විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී ද එවන් විශිෂ්ට ක්‍රිකට් නායකයෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ආයුබෝවන් කීවේය. නායකයෙක් ලෙස දැවැන්ත වාර්තාවක් ද අතැතිව පසුගියදා අන්තර්ජාතික පිිටියෙන් සමුගත් ඇෆ්ගනිස්ථානයේ හිටපු ක්‍රිකට් නායකයා වූ අස්ගාර් ස්ටැනික්සායි යනු 21 වැනි සියවසේ ලොව බිහි වූ විශිෂ්ටත ම ක්‍රිකට් නායකයෙකි.

2015 – 2021 අතර කාල පරාසය තුළ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවූ අස්ගාර් ස්ටැනික්සායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙන විට ඔහු ඇෆ්ගනිස්ථානයට නායකත්වය දුන් විස්සයි20 ක්‍රිකට් තරග 52න් 42ක්ම ජයග්‍රහණය කරා මෙහෙයවා තිබිණි. විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේ වැඩි ම ජයග්‍රහණ සංඛ්‍යාවක් කරා තම කණ්ඩායම මෙහෙයවූ නායකයා ලෙස ඔහු ඒ අනුව වාර්තා පොත් අතරට එක් වී තිබිණි. අස්ගාර් ස්ටැනික්සායි නායකත්වය දුන් තරග 9ක් පමණක් පරාජයට පත් වී ඇති අතර එක් තරගයක් ලකුණු සම වීමෙන් අවසන් වී තිබේ. ජයග්‍රහණ ප්‍රතිශතය 81.73කි.

අස්ගාර් තරග 42ක් ජයග්‍රාහීව නිමා කරන්නට නායකත්වය දෙන අතර එගලන්ත විස්සයි20 ක්‍රිකට් නායකයා ලෙස කටයුතු කරන ඉයන් මෝගන් එම වාර්තා සටහනේ දෙවැනි ස්ථා-නයේ රැඳී සිටියි. ඉයන් මෝගන් විස්සයි20 තරග තරග 70කදී නායක-යෙක් ලෙස සිය කණ්ඩායම මෙහෙයවා ඇත. එයින් තරග 41ක් ජයග්‍රාහීව නිමා කිරීමට මෝගන් සමත් වෙද්දී තරග

26ක් පරාජිතව අවසන් වී ඇත. තරග දෙකක් ලකුණු සමවී‍මෙන් අවසන් වෙද්දී මෝගන් මෙහෙයවූ එක් තරගයක් තීරණයක් නොමැතිව අවසන් වී ඇත. නායකයෙක් ලෙස මෝගන් මෙහෙයවූ විස්සයි20 තරග ජයග්‍රහණ ප්‍රතිශතය 60.86කි. මෝගන් 2012 සිට මේ දක්වාම එංගලන්ත කණ්ඩායමේ නායකත්වය දරයි.

එම වාර්තා ලැයිස්තුවේ තෙවැනි තැන හිමි කර ගෙන ඇත්තේ ඉන්දීය හිටපු නායක එම්. එස්. දෝනිය. ඔහු 2007 වසරේ සිට 2016 වසර දක්වා වසර 9ක කාලයක් තුළ විස්සයි20 ක්‍රි-

කට් තරග 72ක් වෙනුවෙන් ඉන්දීය පිල මෙහෙයවා තිබේ. එයින් තරග 41කම ජය ඉන්දියාව වෙත අත්කර දීමට දෝනිට හැකියාව ලැබුණු අතර, තරග 28ක් පරාජිතව අවසන් විණි.

එක් තරගයක් ලකුණු සම වී‍මෙන් කෙළවර වෙද්දී තවත් තරග 2ක් විසඳුමක් නොමැතිව අවසන් වී තිබේ. විස්සයි20 ක්‍රිකට් නායකයෙක් ලෙස දෝනිගේ ජයග්‍රහණ ප්‍රතිශතය 59.28%කි.

2016–2019 දක්වා පකිස්තානු කණ්-ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ෂෙෂාඩ් අහමඩ් මෙම ලැයිස්තුවේ සිව්වැනි තැන පසුවෙයි. අහමඩ් පාකිස්තානය වෙනුවෙන්, විස්සයි20 තරග 37ක් සඳහා නායකත්වය ලබා දී ඇති අතර, එයින් තරග29ක්ම ජයග්‍රහණ කරා මෙහෙයවා තිබේ. ඔහු මෙහෙයවූ තරග 8ක් පමණක් පරාජිතව අවසන් වී ඇත. අහමඩ්ගේ ජයග්‍රහණ ප්‍රතිශතය 78.37කි.

2017 සිට මේ දක්වා ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දරන විරාට් කෝලි මෙහි 5වැනි තැන රැඳී සිටියි. කෝලි ඉන්දියාව ‍වෙනුවෙන් තරග 50කට නායකත්වය ලබා දී ඇති අතර එයින් තරග 30ක් ජයග්‍රහණය කරා මෙහෙයවා තිබේ. තරග 16ක් පරාජිතවද තරග 2 බැගින් විසඳුමක් ‍නොමැතිව සහ ලකුණු සම වීම නිසා අවසන් වී තිබේ. ජයග්‍රහණ ප්‍රතිශතය 64.58කි.

මීට අමතර ව ඔස්ට්‍රේලියා කණ්ඩායමේ වත්මන් නායක ආරොන් ෆින්ච් විස්සයි20 තරග 29කදීත් නවසීලන්ත නායක කේන් විලියම්සන් තරග 28කදීත් බටහිර ඉන්දිය කොදෙව් පි‍ලේ හිටපු නායකයෙක් වූ ඩැරන් සාමි තරග 27කදීත් සිය කණ්ඩායම් ජයග්‍රහණය කරවීමට නායකත්වය ලබා දී ඇත. අයර්ලන්තයේ හිටපු නායකයෙක් වූ ඩබ්ලිව්.ටී. ෆෝට්ෆීල්ඩ් අවස්ථා 26කදී සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගොස් ඇත. ශ්‍රී ලංකාවේ වත්මන් විස්සයි20 ක්‍රිකට් නායකයා වන දසුන් ශානක තරග 17කට නායකත්වය දෙමින් තරග 10 ක් ජයග්‍රහණය කරා මෙහෙයවන්නට සමත් වී ඇත.

පසිඳු මිහිරාන් රැටියල

 

Comments