අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම 22දා | Page 2 | සිළුමිණ

අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම 22දා

 

2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන කෙටුම්පත දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම හෙට දින එනම් 22 වැනි සඳුදා දින පස්වරු 5 ට ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය. විසර්ජන කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 13 වැනි සෙනසුරාදා සිට නොවැම්බර් 22 වැනි සඳුදා දක්වා දින 7ක කාලයක් පැවැත්විණි.

සඳුදා පැවැත්වෙන ඡන්ද විමසීමෙන් අනතුරුව එනම් නොවැම්බර් 23 වැනි අඟහරුවාදා සිට කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ වන අතර සෙනසුරාදා ඇතුළුව දෙසැම්බර් 1 වැනි සිකුරාදා දක්වා දින 16 ක කාලයක් එම විවාදය පැවැත්වෙයි. තෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ දෙසැම්බර් 10 වැනි දින පස්වරු 5 ට ය.

ඉදිරි සතිය තුළ කාරක සභා අවස්ථාවට අමාත්‍යාංශ හා කොමිසම් සභා ගණනාවක් ගැනෙන ජනාධිපති, අග්‍රාමාත්‍ය, අමාත්‍ය මණ්ඩල කාර්යාල, පාර්ලිමේන්තුව, මැතිවරණ කොමිසම් සභාව ඇතුළු කොමිසම් සභා, විදේශ අමාත්‍යාංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, වාරි මාර්ග අමාත්‍යාංශය, බුද්ධ සාසන, ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ මෙන්ම වැවිලි හා ඉඩම් අමාත්‍යාංශද ඒ අතර වෙයි.

 

Comments