බූස්ටර් එන්නත දෙන තෙක් සියලු දෙනා පරිස්සම් විය යුතුයි | Page 2 | සිළුමිණ

බූස්ටර් එන්නත දෙන තෙක් සියලු දෙනා පරිස්සම් විය යුතුයි

කොරෝනා වසංගතය මර්දනයට එන්නත්කරණය ආරම්භ කර මාස හයක් පමණ ගත වන හෙයින් ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමට ඉදිරියේදී දෙන බූස්ටර් එන්නත දෙන තෙක් සියලු දෙනා දැඩි ලෙස පරිස්සම් විය යුතු බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය. පසුගිය සති දෙකක කාලය තුළ කොරෝනා වසංගත තත්ත්වය ඉහළ යෑමක් දක්නට ලැබෙන බවත් විශේෂයෙන් පූජා නගර සහ ජනතාව එකතු වන ස්ථානවල කැපීපෙනෙන ලෙස රෝගීන් වාර්තාවීමේ තත්ත්වයක් පවතින බව ද හෙතම පැවසීය.
 
අනුරාධපුරයෙදී ඊයේ (14)පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව පැවසු අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
 
“මෙලෙස රෝගීන් ඉහළ ලෙස වාර්තා වුව හොත් පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට ද බාධා ඇතිවිය හැකි බැවින් සියලුම දෙනා වගකීමෙන් කටයුතු කළ යුතුව තිබෙනවා.
 
ලෝකයේ සිදු කර ඇති පරීක්ෂණවලට අනුව මාස හයක් පමණ ගත වන විට එහි ප්‍රතිශක්තිකරණය අඩු වීමේ තත්ත්වයක් ඇති වන බවත් ඒ අනුව මෙරට කොරෝනා රෝගයට එරෙහිව භාවිත කළ එන්නතේ මාත්‍රා දෙකම සම්පූර්ණ කළ පුද්ගලයගේ ප්‍රතිශක්තිකරණය නැවත ඇතිකිරීම සඳහා ෆයිසර් එන්නත දීමට කටයුතු කරන බව ද පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය. මෙම කාලයේ දී සියලු දෙනා කොරෝනා වසංගතයෙන් බේරී සිටීමට කටයුතු කළ යුතුය.”
 

Comments