Ocean Lanka සමා­ගමේ සේවා අභි­මන් සම­රයි | සිළුමිණ

Ocean Lanka සමා­ගමේ සේවා අභි­මන් සම­රයි

ශ්‍රී ලංකාවේ විශාලතම weft knitted ඇගළුම් නිෂ්පාදකයා වන Ocean Lanka Pvt Ltd පසුගියදා ‘OCL සේවා අභිමන් 2021’ සේවක ඇගයීම් සම්මාන උළෙල පවත්වන ලද අතර එහිදී ආයතනය තුළ වසර 10 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සේවකයන් 50 ක් වෙත රන් කාසි ප්‍රධානය කිරීම සිදු කෙරිණ. ‘OCL සේවා අභිමන් 2021’ සම්මානය යනු සමාගමේ 25 වන සංවත්සරය සනිටුහන් කරන සුවිශේෂී වැඩසටහනක් වන අතර ආයතනයේ සේවකයන් ඇගයීමට ලක් කිරීම අරමුණු කරගත් ඉතාම වැදගත් ප්‍රයත්නයක් වශයෙන්ද එය සලකනු ලැබේ. පරිපූර්ණ ලෙස සේවකයන් දිශානුගත කිරීම, සේවකයින් ආයතනික පරිසරයට අනුගත කිරීම

ශ්‍රී ලංකාවේ විශාලතම weft knitted ඇගළුම් නිෂ්පාදකයා වන Ocean Lanka Pvt Ltd පසුගියදා ‘OCL සේවා අභිමන් 2021’ සේවක ඇගයීම් සම්මාන උළෙල පවත්වන ලද අතර එහිදී ආයතනය තුළ වසර 10 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සේවකයන් 50 ක් වෙත රන් කාසි ප්‍රධානය කිරීම සිදු කෙරිණ.

‘OCL සේවා අභිමන් 2021’ සම්මානය යනු සමාගමේ 25 වන සංවත්සරය සනිටුහන් කරන සුවිශේෂී වැඩසටහනක් වන අතර ආයතනයේ සේවකයන් ඇගයීමට ලක් කිරීම අරමුණු කරගත් ඉතාම වැදගත් ප්‍රයත්නයක් වශයෙන්ද එය සලකනු ලැබේ. පරිපූර්ණ ලෙස සේවකයන් දිශානුගත කිරීම, සේවකයින් ආයතනික පරිසරයට අනුගත කිරීම, සේවක කාර්යසාධන ඇගයීම්, සේවකයන් අරමුණු කරගත් තවත් විවිධ ක්‍රියාකාරකම් හා සේවක සුභසාධන වැඩසටහන් ඇසුරින් සේවකයන් ඉහළ පාක්‍ෂිකත්වයකින් යුතුව දීර්ඝ කාලීනව ආයතනය තුළ රඳවා ගැනීම වෙනුවෙන් සමාගම සෑම විටම කැප වී සිටියි.

Comments