ඩීමෝ WD-40 Specialist® නිෂ්පා­දන පෙළක් | සිළුමිණ

ඩීමෝ WD-40 Specialist® නිෂ්පා­දන පෙළක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගමක් වන ඩීමෝ විසින්, නවතම සහ වැඩි දියුණු කල ග්‍රීස්, ලිහිසි තෙල් සහ පිරිසිදුකාරක වර්ග ඇතුළත් WD-40 Specialist® නිෂ්පාදන පරාසය දේශීය වෙළඳ පොලට හඳුන්වා දෙයි. ශ්‍රී ලංකාව තුළ WD-40 සඳහා එකම බලයලත් බෙදාහැරීම් නියෝජිත වන්නේද ඩීමෝ සමාගමයි.

නවතම WD-40 Specialist නිෂ්පාදන පෙළ සාමාන්‍ය සහ රථවාහන මාදිලියේ අවශ්‍යතා සඳහා විසඳුම් ඉදිරිපත් කරයි. සාමාන්‍ය භාවිතය සඳහා වන නිෂ්පාදන අතර, මිලි ලීටර් 360 වයිට් ලිතියම් ග්‍රීස් ඉහළ උකු බවකින් යුත් විශේෂයක් වන අතර, ඉහළ මෙහෙයුම් කාර්යසාධනයක් ලබා දෙයි. මිලිලීටර් 360 සිලිකන් ස්ප්‍රේ තෙතමනයට එරෙහිව ආරක්‍ෂාව ලබා දෙන අතර, කුණු දුහුවිලි ආකර්ෂණය කර නොගන්නා ඉහළම ප්‍රමිතියකට අනුව නිෂ්පාදනය කර ඇත.360ml සහ 200ml කන්ටැක්ට් ක්ලීනර් මඟින් ඉලෙක්ට්‍රෝනික උපකරණ සහ විදුලි උපකරණ මත වූ තෙල්, කුණු, අවශේෂ, කඩිනමින්ම උපකරණයන්හි සෑම ස්ථානයක් වෙතම ගමන් කරමින් පිරිසිදු කරන අතර, ඉතාමත් ඉක්මනින් වියලීමද සිදු කරයි.

Comments