මූල්‍ය වංචා ගැන අනතුරු ඇඟවීමක් | සිළුමිණ

මූල්‍ය වංචා ගැන අනතුරු ඇඟවීමක්

විවිධ සංවිධානාත්මක පාර්ශ්ව විසින් ඔවුන්ගේ ගිණුම්වලට මහා පරිමාණයෙන් විදේශ විනිමය හෝ දේශීය මුදල් බැරවී ඇති බවත් එම ගිණුම් මහ බැංකුව විසින් තාවකාලිකව අත්හිටුවා ඇති බවත් දන්වමින් එකී මුදල් නිදහස් කරගැනීම සඳහා සහාය දෙන්නන් හට කිසියම් ගෙවීමක් සිදුකරන බව දැනුම් දෙමින් සිදුකරන මූල්‍ය වංචා පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාව දැනුවත් කරයි. මෙවැනි වංචාකරුවන්ට හසු නොවන ලෙසත් තමන්ගේ රහස්‍ය තොරතුරු, ගිණුම් තොරතුරු, මුරපද, පෞද්ගලික හැඳුනුම්පත් අංක, එක් වරක් පමණක් භාවිත කරන මුරපද හෝ වෙනත් කිසිම තොරතුරක් සෙසු පාර්ශ්ව සමඟ හුවමාරුකර  නොගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනයාට දැනුම් දෙයි. තම බැංකු ගිණුම් භාවිත කරමින් වංචනිකයන් සිදු කරන ඕනෑම වංචාවන් පිළිබඳව ක්ෂණිකව දැනුවත් වීම සඳහා තම බැංකුවලින් ක්‍රියාත්මක එසැණින් බැංකු ගනුදෙනු පිළිබඳ තොරතුරු ලබා දෙන කෙටි පණිවුඩ සේවා සක්‍රීය කරගන්නා ලෙසත් මහ බැංකුව දන්වා සිටී.

Comments