රග්බි පිටිය උණුසුම් කරන වෝරියර්ස් තරගාවලිය ඇරඹේ | සිළුමිණ

රග්බි පිටිය උණුසුම් කරන වෝරියර්ස් තරගාවලිය ඇරඹේ

 

මාස විස්සකට අධික කාලයක් නිහඬව තිබූ ශ්‍රී ලාංකේය රග්බි පිටිය උණුසුම් කරමින් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන ක්‍රීඩාංගණයේ දී වෝරියර්ස් අභියෝග කුසලාන රග්බි තරගාවලිය පැවැත්වෙයි. ආරාධිත සත් සාමාජික පිරිමි රග්බි පාපන්දු තරගාවලිය වශයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ජෛව බුබුලක ආරක්ෂාව යටතේ පැවැත්වෙයි.

"ඩයලොග්" ආසියාටා සමාගමේ සවියෙන් බල ගැන්වුණු "වෝරියර්ස් අභියෝග කුසලාන" රග්බි තරගාවලියට ශ්‍රී ලංකා යුද හමුදා "ඒ", ශ්‍රී ලංකා යුද හමුදා "Colts", ශ්‍රී ලංකා ගුවන් හමුදා "ඒ" , ශ්‍රී ලංකා ගුවන් හමුදා ''බී" , ශ්‍රී ලංකා නාවික හමුදා "ඒ" සහ ශ්‍රී ලංකා නාවික හමුදා "බී", ශ්‍රී ලංකා පොලිස් "ඒ" සහ ශ්‍රී ලංකා පොලිස් "ග්‍රිෆීන්ස්", සී.එච් ඇන්ඩ් එෆ්.සී මෙන්ම හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ ක්‍රීඩකයින්ගෙන් ආලෝකමත් වී තිබුණි.

"ඒ", "බී" සහ "සී" යන කාණ්ඩ තුනක් යටතේ ලීග් ක්‍රමයට ක්‍රියාත්මක කෙරෙන මෙවර තරගාවලියේ මූලික වටය ට ඉදිරිපත්ව සිටින කණ්ඩායම් සංඛ්‍යාව 10 කි.

ක්‍රීඩා සමාජ ඇගයීම, ක්‍රීඩාව ප්‍රචලිත කිරීම මෙන්ම ක්‍රීඩාව ව්‍යාප්ත කිරීම යන වගකීම් ඉටු කිරීමෙහිලා බැඳී සිටින ශ්‍රී ලංකා රග්බී පාපන්දු සම්මේලනයට ඇඟිල්ල දිගු කරනවාට වඩා තම යුතුකම් කොටස මැනවින් අවබෝධ කර ගනිමින් මෙවන් තරගාවලියක් සංවිධානය කිරීමට සන්නද්ධ සේවාවන්ගේ එකමුතුව සහ ශ්‍රී ලංකා පොලීසිය එක්ව ගත් උත්සාහය ප්‍රශංසනීය ය.

ෙඑළඹෙන නොවැම්බර් මස 18 සහ 19 යන දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිඩදී ක්‍රියාත්මක කෙරෙන ආසියානු පිරිමි සත් සාමාජික රග්බි පාපන්දු තරගාවලියට සහභාගි කරවන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නම් කිරීමේ මූලික සංචිතයට ක්‍රීඩකයින් තෝරා ගැනීම ද මෙම තරගාවලිය ආශ්‍රිතව අද දින සිදු කෙරේ.

අද (31) තරග සැලසුම

09.40 ට පළමු අර්ධ අවසන් පූර්ව තරගය

10.02 ට දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය

10.24 ට තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය

10.46 ට සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගය

12.08 ට බඳුන සහ පළිහ අවසන් පූර්ව තරග

12.30 ට බඳුන සහ පළිහ අවසන් පූර්ව තරග

12.52 ට කුසලාන සහ පළඟ අවසන් පූර්ව තරග

01.14 ට කුසලාන සහ පළඟ අවසන් පූර්ව තරග

02.36 ට 09 සහ 10 ස්ථානය සදහා තරගය

02.58 ට "පලිහ" අවසාන මහා තරගය

03.20 ට "බඳුන" අවසාන මහා තරගය

04.32 ට "පළඟ" අවසාන මහා තරගය

05.07 ට "කුසලාන" අවසාන මහා තරගය

සපුමල් වීදිය බණ්ඩාර

Comments