මාමාගේ දෑවැද්දෙන් පොහොසත් වූ දෝනිගේ වාර්තාවක් බින්ඳ ඔස්ට්‍රේලියානු දෝණි | සිළුමිණ

මාමාගේ දෑවැද්දෙන් පොහොසත් වූ දෝනිගේ වාර්තාවක් බින්ඳ ඔස්ට්‍රේලියානු දෝණි

 

‘අම්මා නැති කලට කිරි එරෙන්නේ මාමාට ය. එය එසේනම් හැකියාවේ දායාදය ඊළඟ පරම්පරාවට ගෙන දෙන්නට මාමාට හැකියාව ඇත. මේ එවන් සම්බන්ධතාක් ගැන ඔස්ට්‍රේලියාවෙන් ලැබෙන ප්‍රවෘත්තියකි.’

කාන්තා විස්සයිවිස්ස තරගයක දී වැඩිම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව වාර්තාකළේ ඇය ය. ක්‍රිකට් ක්‍රීඩාවේ කඩුලු රකින්නියක වන ඈ නියෝජනය කරන්නේ ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම ය.

ඈ නමින් අලිසා ජේන් හීලි ය. හීලී කියූ සැණින් ඔබට සිහිපත් වනුයේ ඔස්ට්‍රේලියාව බිහිකළ විශිෂ්ටතම කඩුලු රකින්නා වන ඉයන් හීලී ය. ඔබ නිවැරදි ය. ඈ ඒ හීලිගේ ඥාති දියණි ය. ඥාතිත්වය සඳහන් කරන්නේ නම් ඉහන් හීලී යනු අලිසාගේ මාමා ය. අලීසා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසියේ 2010 පෙබරවාරි මාසයේ දී ය.

දකුණත් පිතිකාරිණියක සහ කඩුලුරකින ක්‍රීඩිකාවක් වන ඇගේ පියා ද ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු ක්වීන්ස්ලන්ත සංචිතයේ සිටි ග්‍රෙග් හීලිගේ දියණිය ය.

අලීසා උපන්නේ 1990 මාර්තු 24 දා ය. ඈ දේශීය තරග වල දී නිව් සවුත්වේල්ස් මෙන්ම සිඩ්නි සික්සස් කණ්ඩායම් නියෝජනය කර ඇත.

හීලි පෙළපත වාර්තා තැබීමට හපන්කම් දක්වන පරපුරක් යැයි දැයි සිතෙන්නේ අලිසා හීලී ද වාර්තා කීපයක්ම මේ වනවිට ලෝක ක්‍රිකට් පිටියට එක්කර ඇති හෙයිනි. ඈ පළමුවරට ක්‍රිකට් ක්‍රීඩාවට ආවේ අමුතු ක්‍රමවේදයකට ය. ඒ 2006 අග භාගයේ දී නිව් සවුත් වේල්ස් හි පැවති පෞද්ගලික පාසල් ක්‍රිකට් තරගයකට පිරිමි දරුවන් හා තරග වදින කණ්ඩායමක සාමාජිකාවක ලෙස ය.

එවැනි ආකාරයෙන් පිරිමින් හා එකම කණ්ඩායමක ක්‍රීඩා කළ පළමු දැරිය බවට පත්වීමට ඈ සමත්වීම වාර්තාවකි. ඇයප්‍රාන්තවයස්කාණ්ඩයේශ්‍රේණිගතකිරීම්ඉහළටගොස් 2007-08 වාරයේනිව්සවුත්වේල්ස්හිජ්‍යෙෂ්ඨකණ්ඩායමසඳහාක්‍රීඩාකළා ය.

ඕස්ට්‍රේලියානුකඩුලුරකින්නෙකුවනලියෝනිකෝල්මන්ප්‍රාන්තකණ්ඩායමතුළසිටීමහේතුවෙන්ඇයට ක්‍රීඩා කිරිමට ලැබුණේවිශේෂඥපිතිකාරිණියක ලෙසිනි. තම පළමු පෙළ ක්‍රිඩා ජීවිතයේ මුල් වාරදෙකේඈ ක්‍රීඩා කළේ විශේෂඥ පිතිකාරිණියක ලෙස ය. 2009-10 සමය ආරම්භයේ දී කෝල්මන් නිව් සවුත් වේල්ස් කණ්ඩායම හැරගියඅතරහීලිට අත්වැසුම් හා කඩුල්ල පිටුපස වගකීම් ද භාර විණි.

එමසමයතුළඇයවේගවත් මෙන්ම නොදැවී ලකුණු 89 ක් වාර්තා කළ අතර, කාන්තා ජාතික ක්‍රිකට් ලීගයේ ඕනෑම කඩුලුරකින්නියක රැස්කර තිබූ වැඩිම ලකුණු වාර්තා කිරීමලෙස ද එය සටහන් විණි.

ඕස්ට්‍රේලියානු නායිකා සහ කඩුලුරකින ක්‍රීඩක ජෝඩි ෆීල්ඩ්ස්ගේ ආබාධයෙන් පසුව, 2010 නවසීලන්තයට එරෙහිව රෝස්බෝල් තරගමාලාවේ දී හීලි ට ජාත්‍යන්තර එක්දින වරම හිමිවිණි. 2018 බටහිර ඉන්දීය කොදෙව් හි පැවති 2018 අයි.සී.සී කාන්තා ලෝක විස්සයි 20 තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාවේ සංචිතයට හීලි නම්කරන ලද අතර, ඇය ලකුණු 225 ක් ලබා තරගාවලියේ වැඩිම ලකුණු ලාභිනිය හා දක්ෂතම ක්‍රීඩිකාව ද විය.

2018 දෙසැම්බරයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඇය වසරේ විස්සයිවිස්ස ක්‍රීඩිකාව ලෙස නම් කළේ මේ අතරේ ය. 2019 සැප්තැම්බර් මාසයේ දී ශ්‍රීලංකාව සමඟ පැවති තරගාවලියේ දී හීලි සිය 100 වන T20 තරගයට ක්‍රීඩා කළා ය. එම තරග මාලාවේම කාන්තා විස්සයි 20 තරගයක දී වැඩිම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව වාර්තා කළ හීලි නොදැවී ලකුණු 148 ක් රැස් කරනු ලැබිණි.

2020 ජනවාරි මාසයේ දී ඇය ICC කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා (236) වූ අතර අවසන් මහා තරගයේදී ඉන්දියාවට එරෙහිව පන්දු 39 ක දී වේගවත්ලකුණු 75 ක් රැස්කරමින් ඔස්ට්‍රේලියාවටඔවුන්ගේපස්වැනිශූරතාව දිනා දුන්නා ය.

2020 සැප්තැම්බර් මාසයේ දී, නවසීලන්තයට එරෙහිව පැවති දෙවන T20 තරඟයේ දී, හීලි කඩුලු රකින්නියක ලෙස ඇයගේ 92 වැනි දවා ගැනීම සනිටුහන් කළා ය. එය විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ කඩුලු රකින පිරිමි හෝ කාන්තා ක්‍රීඩකයකු ලබාගත් වැඩිම දවාගැනීම විය. එසේම එය එම්. එස්. දෝනිගේ වාර්තාව පසු කර යෑමක් වශයෙන් ද සැලකෙයි.

2019 දී ඇලන් බෝඩර් පදක්කම් ප්‍රදානෝත්සවයේ දී ඈ දැක්වූ දස්කම් අගයමින්බෙලින්ඩාක්ලාක්පදක්කමපිරිනැමිණි

2020 නොවැම්බරයේ දී, ICC කාන්තා T20 දසකයේ ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානය සඳහා හීලි නම් කරන ලදී. 2021 එම වසර දී දින, නවසීලන්තයට එරෙහිව, හීලි සිය 200 වැනි ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළා ය.

2019 දී ඈ මීටර් 82.5 ක් උසින් උඩපන්දුවක් රැක ගනිමින් ක්‍රිකට් ඉහළම උඩපන්දුව සදහා ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කීමට සමත් විණි. පසුව එය බිඳ වැටිණි. හිලී තවත් ලෝක වාර්තාවකට හිමිකම් කියන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව නොදැවී 148* (61) ලබාගනිමින්කාන්තා T20 ජාත්‍යන්තර තරගයකදී වැඩිම ලකුණු ලබා ගැනීම ලෙස ය.

උදුලා පීරිස්

Comments