ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ කාලගුණයට බලපෑම් | Page 2 | සිළුමිණ

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ කාලගුණයට බලපෑම්

දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ කාලගුණයට බලපෑම් ඇති කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරයි.
 
දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
 
බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.
 
බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලඋදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැකිය.
 
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Comments