GENXT සහ Apple Inc. අතර හවු­ල්කා­රී­ත්වය අලුත් වෙයි | සිළුමිණ

GENXT සහ Apple Inc. අතර හවු­ල්කා­රී­ත්වය අලුත් වෙයි

ජෙනරේෂන් නෙක්ස්ට් කමියුනිකේෂන්ස් ශ්‍රී ලංකා (Genxt Sri Lanka) විසින් 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකාව තුළ බලයලත් Apple සන්නාමයේ දුරකථන සහ අනෙකුත් නිෂ්පාදන සඳහා Authorized Apple Distributor ලෙස පැවති හවුල්කාරීත්වය අලුත් කර ඇත. Genxt ශ්‍රී ලංකා සමාගම රටවල් හතක Apple සන්නාමයේ නිෂ්පාදන බෙදාහරින සිංගප්පුරුවේ Genxt (PTE) Ltd. අනුබද්ධිත දේශීය සමාගමයි. ලොව ප්‍රමුඛ තාක්ෂණික සමාගමක් වන Apple Inc, සිය Authorized Distributors තෝරා ගැනීමේදී ඉහළ අවධානයක් යොමු කරමින් ක්‍රියා කරන අතර, සෑම රටකම ආයතන පිළිබඳ ඔවුන් ඉහළ සැලකිල්ලක් දක්වයි. විශේෂයෙන්ම තෝරාගැනීම් සිදුකිරීමේදී සුදුසුකම් රැසක් පිළිබඳ ඔවුන් අවධානය දක්වන අතර, එම සුදුසුකම් සපුරන වඩාත් විශ්වාසනීය ආයතන සඳහා පමණක් මෙම බෙදාහැරීමේ අයිතිය ලබාදේ. Genxt ශ්‍රී ලංකා ආයතනය යනු, වර්ෂ 2018 සිට ශ්‍රී ලංකාව තුළ බලයලත් Apple සන්නාමයේ දුරකථන සහ අනෙකුත් නිෂ්පාදන සඳහා Authorized Distributor ලෙස ක්‍රියා කළ, ඉහළ වෙ‍ෙළඳ පොළ පිළිගැනීමක් සහිත ආයතනයකි.

 

Comments