20 විස්සේ හතරේ වැස්සේ වීරයා මහේල | සිළුමිණ

20 විස්සේ හතරේ වැස්සේ වීරයා මහේල

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් මේ දිනවල පවතින උනන්දව අති ඉහළ ය. එම තරග රටාවට අනුව වැඩිවශයෙන්ම ප්‍රේක්ෂකයන් අපේක්ෂා කරනුයේත්, තරග රටාව අනුව බලාපොරොත්තුවන්නේත් ගිනි කෙළි සංදර්ශනයන් ය. පිතිකරුවන් අතරින් මතුවන මෙම ගිනි කෙළි සංදර්ශනයට හතරේ සහ හයේ පහරවල් වැඩිවශයෙන් එල්ල කිරීම සැමවිටම ප්‍රේක්ෂක වින්දනය ඉහළ නංවන අතර තරග රටාවේ උද්වේගකර අරමුණු තවදුරටත් වැඩිදියුණු කරවයි.

ඒ අනුව විස්සයි විස්සේ හතරේ වැස්සේ වාර්තාව තවමත් ඇත්තේ ශ්‍රී ලංකාව ඉදිරියේ ය. ඒ හිටපු සුපිරි පිතිකරු මහේල ජයවර්ධනයන් වෙනුවෙනි.

ඉතිහාසයේ වැඩිම 4 පහරවල් එල්ල කර ඇත්තේ මහේල ජයවර්ධන වන අතර වැඩිම 6 පහරවල් එල්ල කර ඇත්තේ ක්‍රිස් ගේල් ය. මහේලට අමතරව වැඩිම 4 පහරවල් සංඛ්‍යාවක් එල්ල කර ඇත්තේ තිලකරත්න ඩිල්ෂාන් විසිනි. ඔහු තරග 35 ක දී 4 පහර 101 ක් එල්ල කර ඇත.

****************************

20 විස්සේ තවමත් ලොක්කා ඩිල්ෂාන්

අද (17) සිට නොවැම්බර් 14 වැනි දා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සහ ඕමානයේ දී පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අමරණීය ක්‍රීඩකයන් අතර මතකයේ රැඳෙන ක්‍රීඩකයන් අතරේ ටී.එම්.ඩිල්ෂාන් සුවිශේෂී ය. ඒ එම තරග ඉතිිහාසයේ වැඩිම තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කිරීමට සමත් වාර්තාව තිලකරත්න ඩිල්ෂාන් සිය නම ඉදිරියේ සනිටුහන් කරගත් බැවිණි. මේ සංක්ෂිප්ත වාර්තාවෙන් කියැවෙනුයේ ලෝක කුසලාන විස්සයි 20 ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාවකට සහභාගි වූ ක්‍රීඩකයන් සම්බන්ධව ය.

බන්ධුල ජයමාන්න

Comments