සෙලින්කෝ ලයිෆ් 15 වන ෆැමිලි සවාරි වැඩ­ස­ට­හ­නින් රත්ත­රන් ත්‍යාග | සිළුමිණ

සෙලින්කෝ ලයිෆ් 15 වන ෆැමිලි සවාරි වැඩ­ස­ට­හ­නින් රත්ත­රන් ත්‍යාග

සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් සිය සංධිස්ථානාත්මක 15 වන ෆැමිලි සවාරි වැඩසටහන ආරම්භ කර තිබෙන අතර මෙවරත් ජයග්‍රාහකයින් සඳහා රත්තරන් ලබාදීමට සමාගම තීරණය කර තිබේ.

මේ අනුව, මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා සඳහන් කරන්නේ මෙවර වැඩසටහන මඟින් රක්ෂණ ඔප්පු හිමියන් 1000 කට වැඩි සංඛ්‍යාවකට ත්‍යාග වශයෙන් රත්තරන් සහ රක්ෂණ ඔප්පු හිමියන්ට තවත් සහනයක් ලෙස සුපිරි වෙළෙඳසැල් ෂොපින් වවුචර් ලබාදීමට සමාගම විසින් තීරණය කර තිබෙන බවත්, මෙවර සමස්තයක් ලෙස රුපියල් මිලියන 30 කට අධික ත්‍යාග මල්ලක් ලබාදීමට සැලසුම් කර ඇති බවත්ය. 2021 ඔක්තෝම්බර් සිට 2022 අගෝස්තු කාලය තුළ මෙම ත්‍යාග රක්ෂණ ඔප්පුහිමියන්ට දිනාගත හැකි බව සෙලින්කෝ ලයිෆ් පවසයි.

මෙම ප්‍රවර්ධන වැඩසටහන පැවැත්වෙන කාලය තුළදී මාස දෙකකට වරක් දිනුම් ඇදීමක් සිදුකරන අතර රුපියල් මිලියන 24 ක් ඉක්මවන රත්තරන් ත්‍යාග ලබාදීම සඳහා වාසනාවන්ත ජයග්‍රාහකයින් 450 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් තෝරාගනු ඇත. මීට අමතරව, රුපියල් මිලියන 06 ක් වටිනා සැනසිලි ත්‍යාග 600 ක් ලබාදීම සඳහාද මෙවර ජයග්‍රාහකයින් තෝරාගන්නා බව සමාගම සඳහන් කරයි. කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා ගමන් සීමාවන් සහ සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ පැනවීම නිසා මෙතෙක් ෆැමිලි සවාරි වැඩසටහන්වල ත්‍යාග ලෙස ලබාදුන් විදේශීය සහ දේශීය සංචාර වෙනුවට රත්තරන් ලබාදීමට 14 වන ෆැමිලි සවාරි වැඩසටහනේ සිට සමාගම කටයුතු කරන ලදී.

Comments