සෙලාන් බැංකුව සෙලාන් ටිකිරි මාසය සම­රයි | Page 2 | සිළුමිණ

සෙලාන් බැංකුව සෙලාන් ටිකිරි මාසය සම­රයි

මෙරට ප්‍රමුඛතම බැංකුවක් වන සුහද හදක් ඇති සෙලාන් බැංකුව මගින් මීට වසර 8 කට පෙර ලෝක ළමා දිනය සැමරීම සඳහා 'ටිකිරි ලෝක ළමා මාසය' නමින් සුවිශේෂී වැඩසටහනක් ළමුන් වෙනුවෙන් ආරම්භ කෙරිණි. මෙරට මුල්‍ය ක්ෂේත්‍රය තුළ අඛණ්ඩව සාර්ථක ලෙස පවත්වාගෙන එන මෙවැනි එක ම වැඩසටහන වන්නේ 'ටිකිරි ලෝක ළමා මාසය' බව පැවසිය යුතු ම කරුණකි. එමෙන් ම දිවයින පුරා විසිරී ඇති සෙලාන් බැංකුවේ ශාඛා ජාලය හරහා පසු ගිය වසර වල දරු දැරියන් දහස් ගණනක් 'ටිකිරි ලෝක ළමා මාසය' වැඩසටහන සමඟ සම්බන්ධ වී ඇත. මෙවරත් ලෝක ළමා දිනය සැමරීම වෙනුවෙන් සෙලාන් බැංකුව මෙම සුවිශේෂී වැඩසටහන පැවැත්වීම සඳහා සියලුම කටයුතු සූදානම් කොට ඇති අතර, රටේ පවතින වාතාවරණය සහ සංචරණ සීමාවන් හේතුවෙන් පවතින තත්ත්වයට අනුගත වෙමින්, 'ටිකිරි ලෝක ළමා මාසය' ඩිජිටල් ක්‍රමවේදයන් ඔස්සේ පැවැත්වීමට සෙලාන් බැංකුව තීරණය කොට ඇත.

රට අගුළු දැමූ කාලසීමාව තුළ ඉතා ඉක්මණින් ඩිජිටල්කරණය වෙමින් තම කුඩා ගනුදෙනුකරුවන්ට සේවා සැලසූ, ප්‍රධානතම ළමා සන්නාමය ලෙස 'සෙලාන් ටිකිරි' වාර්තාගත වූ නිසා ම මෙවර ලෝක ළමා දින වැඩසටහන නොනවත්වා, ඩිජිටල් ක්‍රමවේදයන් ඔස්සේ පැවැත්වීම සුදුසු බව සෙලාන් බැංකුව තීරණය කළේය.

මෙරට දරු දැරියන් වසර දෙකකට ආසන්න කාලයක් පාසල් අධ්‍යාපනයෙන් සහ අනෙකුත් බාහිර ක්‍රියාකාරකම්වලින් බැහැරව, මාර්ග ගත (Online) අධ්‍යයන කටයුතුවල පමණක් ම නිරත වෙමින්, මෙම වසංගත තත්ත්වයෙන් වඩාත් පීඩාවට පත් වී ඇති අතර, ඔවුන්ගේ මානසික ආතතිය දුරු කිරීම සඳහා සුවිශේෂී ක්‍රියාවලියක අවශ්‍යතාව වර්තමානයෙහි දී තදින් ම දැනෙමින් පවතී.

Comments