මේ දිනවල අකුණු වැසි | සිළුමිණ

මේ දිනවල අකුණු වැසි

සෙනසුරාදා ඉරිදා මෙන්ම ඉදිරි දින කිහිපයේත් රට පුරාම සවස් වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පවසයි. අන්තර් මෝසම් සමය ඇරැඹීම නිසා මේ දිනවල මෙම වර්ෂාව ඇතිවේ.

විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු මැද සහ නැ‍ඟෙනහිර පළාත්වලත් වවුනියාව, මුලතිවු සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මි.මී. 75 ට වැඩි වර්ෂාපතනයක් ද අනෙක් ප්‍රදේශවල මි.මී. 50 කට ආසන්න වර්ෂාපතනයක් ද සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බවත් අතුල කරුණානායක පවසයි. මේ කාලයේ කෙටිකාලීන තද වැස්ස, තද සුළං සහ අකුණු ආදිය ඇතිවිය හැකි බවත් විශේෂයෙන් අකුණුවලින් පරිස්සම් වීමට සුදුසු ආරක්ෂක පියවර ගත යුතු බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

Comments