බූස්ටර් එන්නත 01 වැනිදායින් පසු | සිළුමිණ

බූස්ටර් එන්නත 01 වැනිදායින් පසු

සෞඛ්‍ය, ත්‍රිවිධ හමුදා, පොලිස්, ගුවන් තොටුපොළ සහ සංචාරක ක්ෂේත්‍රයේ සාමාජිකයන් ඇතුළු කොවිඩ් මර්දනයේ ඉදිරිපෙළ කණ්ඩායම් සඳහා මුලින්ම තෙවැනි මාත්‍රාව ලෙස බූස්ටර් එන්නත ලබාදීමට ජනපති ගෝඨාභය රාජපක්ෂයන් උපදෙස් ලබා දුන් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවැසීය.

ඒ අනුව ෆයිසර් එන්නත යොදා ගනිමින් බූස්ටර් එන්නත ලබන නොවැම්බර් මස 01 වැනිදායින් පසු එම පිරිස් හට

ලබාදීමට කටයුතු කරන බව කී යුද හමුදාපතිවරයා එම තීරණය ගනු ලැබුවේ ඉකුත් සිකුරාදා පෙරවරුවේ ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඩ් මර්දන කාර්ය සාධක බළකා විශේෂ කමිටු‍වේදී බවද සඳහන් කළේය.

Comments