පාරිභෝගිකයාට සහන සැලසීමට ලාෆ් කටයුතු කරනවා | සිළුමිණ

පාරිභෝගිකයාට සහන සැලසීමට ලාෆ් කටයුතු කරනවා

 

 

සෑම වසරකම පාහේ ලෝක වෙළෙඳ පොළේ LP ගෑස් මිල ඇතැම් මාසවල ඉහල අගයක් කරායාමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන අතරම තවත් මාස කීපයකදී LP ගෑස් මිල පහළ වැටීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරයි. නමුත් 2021 වර්ෂය පුරාවටම අසාමාන්‍යය ලෙස ලෝක වෙළෙඳ පොළේ LP ගෑස් මිල (සෞදි අරම්කෝ) දර්ශකය අනුව ශීඝ්‍ර ඉහළ යමක් පෙන්නුම්කර ඇත. වගකිවයුතු දේශිය සමාගමක් ලෙස වෙළෙඳ පොළ මිල ඉහළ යන අවස්ථාවේ සාධාරණ මිල ඉහල යාමක් සිදුකරනවා සේම ලෝක වෙළෙඳ පොළ මිල පහළ යන අවස්ථාවේදී මෙරට ගෘහස්ථ LP ගෑස් මිල පහළ දමමින් පාරිභෝගිකයාට සහන සැලසීමටද ලාෆ් සමාගම විධිවිධාන යොදමින් සිටී. අප සමාගමේ ප්‍රධාන අරමුණු වනුයේ හැකි ඉක්මනින් සාධාරණ මිල වෙනස් කිරිමක් මගින්, රාජ්‍ය සහ පෞද්ගලික බැංකු සමඟ සාකව්ඡා කර ඇමරිකානු ඩොලර් ණයවර ලිපි විවෘත කරගනිමින් හැකි ඉක්මනින් ශ්‍රි ලාංකීය ජනතාව වෙත නොකඩවා පෙර පරිදිම ගෟහස්ථ LP ගෑස් නිකුත් කිරීමයි.

Comments