පළාත් සංචරණ සීමා 31 දා ඉවතට | සිළුමිණ

පළාත් සංචරණ සීමා 31 දා ඉවතට

කුත් අගෝස්තු මස 20 වැනි දින කොවිඩ් වසංගතය උත්සන්න වීමත් සමඟ රට පුරා පැනවූ නිරෝධායන ඇඳිරි නීතියත් සමඟ මේ දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වූ පළාත් අතර සංචරණ සීමාව ලබන 31 වැනිදා අලුයම 4ට ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

ඉකුත් 22 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදී එම තීරණය ගනු ලැබූ බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවැසීය. මේ අතර සංචරණ සීමා කඩකිරීම නිසා ඉකුත් සිකුරාදා වන විට අත්අඩංගුවට පත් මුළු පුද්ගල සංඛ්‍යාව 81,220ක් බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

 


Comments