ජාතික හැඳුනුම්පත් එක්දින සේවය යළිත් | Page 2 | සිළුමිණ

ජාතික හැඳුනුම්පත් එක්දින සේවය යළිත්

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව හෙට (25 සඳුදා) සිට යළි ආරම්භ කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් වියානි ගුණතිලක පවසයි.

ඔහු පවසන්නේ අනිවාර්යෙන්ම දිනයක් හා වේලාවක් කලින් වෙන් කරවාගෙන පැමිණිය යුතු බවයි. එක්දින සේවාව යටතේ ජාතික හැඳුනුම්පත් නිකුත් කරනු ලබන්නේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් හා ගාල්ල දකුණු පළාත් කාර්යාලයෙන් පමණක් බවද ඔහු පවසයි. එක්දින සේවාව යටතේ හැඳුනුම්පත් ලබා ගැනීම

අපේක්ෂා කරන අයදුම්කරුවන් දුරකථන අංක 0112522126 අංකයෙන් දිනයක් හා වේලාවක් ලබා ගත යුතු බවත් පෙර සේම සාමාන්‍ය ක්‍රමයට ප්‍රාදේශීය ලේකම් කාර්යාලට හරහා හැඳුනුම්පත් ලබාගත හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

Comments