කොවිඩ්-19 ට ලංකා හොස්පිට්ල්ස් හි රුධිර පිළිකා මධ්‍ය­ස්ථා­නය ආර­ක්ෂි­තයි | Page 2 | සිළුමිණ

කොවිඩ්-19 ට ලංකා හොස්පිට්ල්ස් හි රුධිර පිළිකා මධ්‍ය­ස්ථා­නය ආර­ක්ෂි­තයි

ජාත්‍යන්තරව පිළිගත් සෞඛ්‍ය සේවා සපයන්නෙකු වන ලංකා හොස්පිට්ල්ස් හි රුධිර පිළිකා මධ්‍යස්ථානය තුළකොවිඩ්-19 බලපෑම අවම කෙරෙන නව උපාය මාර්ග සහ උපරිම ආරක්ෂිත ක්‍රමෝපායන් අනුගමනය කිරීම හේතුවෙන් කොවිඩ්-19 වසංගතය අතරතුර රුධිර පිළිකා රෝගීන් සඳහා ඉතා ආරක්ෂාකාරීව සහ සාර්ථකව ප්‍රතිකාර කිරීමට හැකි වූ බව ලංකා හෝස්පිට්ල්ස් අවධාරණය කරයි. රුධිර පිළිකා මධ්‍යස්ථානයේ සායනික රක්ත රෝග හා රුධිර පිළිකා විශේෂඥ වෛද්‍ය සමන් හේවා ඇතුළු විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් රෝගීන්ගේ පැමිණීමේ වෙනස සහ ආරක්ෂිත පියවර වල ඵලදායිතාව තක්සේරු කිරීම සඳහා අධ්‍යයනයක් සිදුකරන ලදී. එහි ප්‍රතිඵල 2021 සැප්තැම්බර් මාසයේදී ජාත්‍යන්තරව පිළිගත් PLOS ONE නමැති ප්ලොස් සමූහයේ සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලදී.

ලියුකේමියා, ලිම්ෆෝමා හා මයිලෝමා රෝගවලින් පෙළෙන රුධිර පිළිකා රෝගීන්ට මාරාන්තික ආසාදන වැලඳීමේ වැඩි අවදානමක් ඇත. එම සංකීර්ණ සෞඛ්‍ය තත්ත්වයන් සඳහා නිසි ආරක්ෂිත ප්‍රතිකාර ලබාදීමට නම් රුධිර පිළිකා කළමනාකරණය පිළිබඳ මනා පළපුරුද්දක් හා කැපවීමක් ඇති කාර්ය මණ්ඩලයක සේවය අත්‍යවශ්‍යය.කොවිඩ්-19 වසංගත සමයේදී මෙය වඩාත් වැදගත් වන්නේ කොවිඩ්-19 රෝගයට නිරාවරණය වීම රුධිර පිළිකා රෝගීන්ට මාරාන්තික විය හැකි බැවිනි.“ කොවිඩ්-19 හේතුවෙන් රුධිර පිළිකා රෝග විනිශ්චය සහ එයට ප්‍රතිකාර ලබාදීම ප්‍රමාදවීම එම රෝගීන්ට අහිතකර ලෙස බලපානවා.

Comments