අත්‍ය­වශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑම ගැන සිළු­මි­ණෙන් ප්‍රශ්න 5ක් | සිළුමිණ

අත්‍ය­වශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑම ගැන සිළු­මි­ණෙන් ප්‍රශ්න 5ක්

1 කිරිපිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත්වී ඇත්තේ කිරිපිටි වැඩිවශයෙන් භාවිත කරන්නේ කුඩා දරුවන් වීම නිසයි. ඉතාමත් ගැටලුකාරී තත්ත්වයක් මෙමඟින් දරුවන්ට ඇති වුණා. එහි පෝෂ්‍යදායි ගුණ කෙසේ වුවත් දරුණු ලෙස මෙය දරුවන්ට බලපෑවා. කිරිපිටිවලට හුරුවී තිබීම නිසා කිරිපිටි නොලැබීම නිසා දරුවන්ගේ මනසට යම් කිසි ආකාරයකට බලපෑමක් ඇති වීමට ද ඉඩ තිබුණා. වෛද්‍ය විද්‍යානුකූලව ගත්විට එසේ වන නිසා අපේ රටේ කිරි නිෂ්පාදන කරන ආයතනයන්ගේ ධාරිතාව වැඩිකර හෝ දේශීය වශයෙන් නිපදවන කිරිපිටි හෝ ලබාදීමට කටයුතු කළ යුතුයි. පසුගිය කාලය පුරාම දියර කිරිපිටි නම් වෙළෙඳපොළේ හිඟයකින් තොරව දක්නට ලැබුණා. එසේම ගෑස් මිල ඉහළ යෑම ගැන කතා කිරීමේදී මෙය අද වනවිට අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් බවට පත්ව තිබෙනවා. විශේෂයෙන් නාගරික ප්‍රජාවට මෙය අත්‍යවශ්‍ය වෙනවා . අද වනවිට දර භාවිත නොවන තත්ත්වයට පත් වී තිබෙනවා. ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල ඉහළ යනවිට අනිවාර්යෙන්ම මිල ඉහළ යනවා. එය වැළැක්විය නොහැකියි. එසේම ඩොලරයේ හිඟතාව නිසා ආනයනකරුවන්ට අධිභාරයක් යටතේ ගෙවීම් කරන්න සිදුවනවා. මේ නිසා ආනයනික භාණ්ඩවල මිල ඉහළ යනවා. මේ රටේ සෑම ක්ෂේත්‍රයකටම මෙය බලපානවා. පාරිභෝගිකයන්ට සියලු පැත්තෙන්ම මේ මිල ඉහළ යෑමේ ප්‍රතිවිපාක විඳින්න සිදු වෙනවා.

 

2 තෙල් මිල ඉහළ පහළ යනවා. ඒක ලෝකේ ස්වභාවය. සාමාන්‍යයෙන් ශීත සෘතුව වෙනකොට අනිවාර්යෙන් ගෑස් මිලයි තෙල් මිලයි ඉහළ යනවා. කොවිඩ් 19 සුවිශේෂී තත්ත්වයක්. කොවිඩ් 19 වසංගතයෙන් ලෝකය ගොඩ එනකොට තෙල් පරිභෝජනයත් වැඩිවෙනවා. ගමනාගමනය, ප්‍රවාහනය වැඩිවන විට තෙල් සඳහා වන ඉල්ලුමත් වැඩියි. තෙල් ඉල්ලුම වැඩි වීමත් එක්ක තමයි තෙල් බැරලයක මිල ඉහළ යන්නේ. මේ පිළිබඳව යම් පුරෝකථනය කරලා මේ අදාළ බලධාරින් ඒ වෙලාවේ නිසි පියවර ගත්තා නම් මේ තරම් බලපෑමක් නොවී මේක කළමනාකරණය කර ගන්න තිබුණා. දැන් තියෙන මිලට ගත්තම වැඩි මිලක් ගෙවන්න වෙනවා. ඊළඟට විදේශ විනිමය හිඟකම නිසා අපි ණයට ගන්නකොට තියෙන ප්‍රමාණයෙන්ම ඒකට පොලියත් වැඩි වෙනවා. ඒ සියල්ලම එකතු වෙලා එනකොට බොරතෙල් බැරලයක් ගොඩබෑමේ මිල තිබුණට වඩා දෙගුණයකින් පමණ වැඩි වීමේ ඉඩකඩ තියනවා. මිල ඉහළ යන බව පුරෝකථනය කිරීමට අදාළ නිලධාරින්ට වසරකට කලින් හැකියාවක් තිබිය යුතුයි. ගිය වසර වන විට තෙල් බැරලයක් ඩොලර් 34 -40 අතර ද ඇතැම් අවස්ථාවලදී ඩොලර් 18 දක්වා පහත ගිය අවස්ථා ද තිබුණා.

 

2 පාරිභෝගිකයට සහනයක් දෙන්න පුළුවන් නම් භාණ්ඩාගාරය ඒ බර දැරිය යුතුයි. ගෑස් ආනයනය කරන සමාගම් දෙකක් තිබෙනවා. එකක් රජයට සම්බන්ධ සමාගම. අනිත් එක Litro,අනිත් එක Laugh. මේ බර රජය දරාගෙන තමයි සමාගම්වලට කියන්න වෙන්නේ අඩු මිලට ගෑස් විකුණන්න කියලා. මේ වෙලාවේ එය කරන්න අමාරුයි. අද ලෝක තත්ත්වයත් ජාත්‍යන්තර වෙ‍ෙළඳාමේ තියෙන ප්‍රශ්නයත් රට තුළ උත්පාදනය වන රජයේ ආදායම් අවම වීමත් විදේශ විනිමය අඩු වීමත් යන මේ සියලු සාධක රටක් විදිහට අපට අවාසිදායක තත්ත්වයකයි තිබෙන්නේ.

 

4 ගැටලුව වෙළෙඳ ආර්ථිකයකට මිල පාලනය ගැළපෙන්නේ කෙසේද යන්නයි. වෙළෙඳපොළේ තිබෙන භාණ්ඩවල ඉල්ලුම හා සැපයුමත් එක්කයි මිල තීන්දු වෙන්නේ. භාණ්ඩයක නිෂ්පාදනයේ ධාරිතාව වැඩි කිරීම තමයි රජයකට කරන්න පුළුවන්. ආනයනික භාණ්ඩ හැර ආහාර ද්‍රව්‍ය ඒව සුලබ කරන්න නම් අපිට ඒ නිෂ්පාදනය වැඩි කරන්න වෙනවා. දැන් වෙළඳපළ ආර්ථිකයත් එක්ක නිෂ්පාදන වැඩි කිරීම තුළින් තමයි මිල ඉහළ යෑම පාලනය කරන්න පුළුවන් වෙන්නේ. මිල පාලනයට යෑමේ ප්‍රතිවිපාක අපි පහුගිය කාලයේදී දැක්කා. වෙළෙඳපොළ ආර්ථිකයට නොගැළපෙන මිල පාලනයක් දැම්මාම භාණ්ඩ හිඟය එනවා. මිල ඉහළ යනවා. මිල පාලනය ඉවත් කළ විට කිසිදු පාලනයක් නැති වෙනවා. ඉතින් ඒකේ ප්‍රතිඵල තමයි අපිට භුක්ති විඳින්න වෙලා තියෙන්නේ. ඒවා කල්පනා කරන්න තිබුණේ තීන්දු ගන්න පෙරයි.

 

5 කෙටිකාලීනව ආදේශන ක්‍රමයක් නම් නෑ. තිරිඟු පිටිවලට ආදේශනය වෙන්නේ හාල් පිටි. අද තිබෙන ප්‍රශ්නය හාල් මිලත් ඉහළ ගිහින්, ආනයනය කරන මට්ටමට ගොස් තිබීමයි. එතකොට එයට ආදේශකයක් ඇති කරන්නේ කොහොමද කියන එක ඉතාම අපහසු වැඩක්. ඒ වගේම තමයි කිරි පිටි. කිරිපිටිවලට ආදේශනය තියෙන්නේ දියර කිරි පුළුවන් තරම් කිරිපිටි බවට පරිවර්තනය කරලා දෙන්න ඕනේ දරුවන්ට අවශ්‍ය ප්‍රමාණයවත්. එක දවසකට අවශ්‍ය ප්‍රමාණය කිරි පිටි කිලෝ ලක්ෂ 2ත් 2 1/2 ක් පමණ වෙනවා. දවසකට නිෂ්පාදන වන දියර කිරි ප්‍රමාණය මට හිතෙන්නේ තුන් ලක්ෂ පනස්දාහක් විතර වෙනවා. මේ තිබෙන තත්ත්වයට ක්ෂණිකව මේ තිබෙන තත්ත්වයන්ට පිළිතුරු ලබාදීම ලේසි වන්නේ නැහැ. මේක කළමනාකරණය කරගැනීමක් තමයි වෙන්නේ. ඒකේ ඊළඟ අදියර වෙනකොට දැන් හරි සැලසුම් තිබීම අවශ්‍යයි. දේශීය පිටි කම්හල්වලින් හෝ ළදරුවන්ට අවශ්‍ය කිරිපිටි ලබාදෙන්න වැඩපිළිවෙළක් සැකසිය යුතුයි. ඒත් තිරිඟු පිටිවලට ආදේශනය හැටියට තියෙනවා නම් තියෙන්නේ හාල් පිටි. නමුත් හාල් මිල අධිකව තිබීම තව අභියෝගයක් බවට පත්වී තිබෙනවා.

 

1.අන්තර්ජාතික වෙළෙඳපොළේ මිල ඉහළ යන නිසා අපේ වෙළෙඳපොළෙත් මිල ඉහළ යනවා කියන ප්‍රකාශය සත්‍යයක් නොවෙයි.

ඩොලරයට සාපේක්ෂව රුපියල බාල්දු වීම නිසා අපි පිටරටින් ගෙන එන භාණ්ඩවලට ගෙවන්න වෙන වියදම වැඩි වෙනවා. රුපියල හෑල්ලු වීමට හේතුව අන්තර්ජාතික හේතුවක් නොවෙයි. විශේෂ හේතුව මුදල් අච්චු ගැසීමයි. මේ මඟින් උද්දමනය වැඩි වෙනවා. එයත් සමඟ මිල ඉහළ යෑම සිදුවනවා.

අන්තර්ජාතික වෙළෙඳපොළේ ගෑස්, තෙල්, තිරිඟු මිල පහළ ගියා කියලා අපේ රටේ මිල පහළ ගියේ කවදද? එහෙත් මේ ඉහළ යන එකට විතරක් ආණ්ඩුව තර්කයක් ගේනවා, අන්තර්ජාතික වෙළෙඳපොළේ මිල වැඩියි කියලා. තෙල්, ගෑස්වලට තිබෙන බදු ඉවත් කරලා ජනතාවට සහන දෙන්න අවශ්‍ය නම් දිය හැකියි. ජනතාවට සහන දෙනවා කියලනේ මේ අය බලයට ආවේ. මේ බොරු තර්ක ජනතාව පිළිගන්නේ නැහැ. මේ රටේ ආර්ථිකය ශක්තිමත් වෙලා තිබුණා නම් ජනතාව පීඩාවට පත් නොකර මේ ප්‍රශ්නවලට උත්තර සොයාගන්න පුළුවන්.

අපට පේනවා ලෝකයේ ආර්ථීක ස්ථාවරයක් හදාගත් රටවල් ආර්ථික අර්බුද හමුවේ ජනතාවට සහන දෙනවා.

 

2 රුපියල ශක්තිමත් කළා නම් අපිට මිල කළමනාකරණය කරගන්න තිබුණා. රුපියල බාල්දු වුණාම මේ අර්බුද පැනනඟිනවා.

ඩොලර් එකක් වෙනුවෙන් වැය කරන්න වෙන රුපියල් ප්‍රමාණය වැඩි වනවිට ලංකාවේ තෙල්, ගෑස්, තිරිඟු මිල වැඩිවෙනවා. මෙයට ප්‍රධාන විකල්පය රුපියල ශක්තිමත් කිරීමයි. ඒ සඳහා එක ක්‍රමයක් නම් ඩොලර් හිඟය අඩුකර ගැනීමයි. ඩොලර් උපයන්න නම් ඩොලර් වියදම් වන ප්‍රමාණය අඩු කරගන්න අවශ්‍යයි.

ඒසඳහා ඩොලර් උත්පාදනය කරගන්න අවශ්‍යයි. ආණ්ඩුව වාහනයේ සිට මෙරටට ගෙන්වන දේවල් නැවැත්වුවා. අඩුතරමින් පොහොර ටික ගේන්නවත් ඩොලර් නැති නිසයි බොරුවට කාබනික පොහොරක් ගැන කියන්නේ.

මේ නිසා ඉදිරියේදී රට ආර්ථික අර්බුදයකට යන එක නවත්තන්න බැහැ. පොහොර නිෂ්පාදනය නැති වුණාම කෘෂි නිෂ්පාදනවල හිඟයක් ඇති වෙන්න පුළුවන්. පිටරටින් ආහාර ගේන්න ඩොලර් යනවා. ගොවියාගේ ආදායම අඩුවෙද්දි ආර්ථිකයත් බිඳවැටෙනවා . බැංකුවලට යම් තරමක් බලපානවා. ගොවියාගේ අදායම වැටුණාම සමස්ත ආර්ථීකයට මෙය බලපානවා.

ගොවියා යල, මහ දෙක වැපුරුවොත් විතරයි ජිවත්වෙන්න පුළුවන් වෙන්නේ. මේ කෘෂිකර්මය වැටීමත් සමඟ දැවැන්ත ආර්ථික අර්බුදයකට රට පත්වෙනවා.

පිටරටින් ආනයනය කරන භාණ්ඩවලට මිල පාලනය කරන්න බැහැ. මේ ආණ්ඩුව අසමත් බව පෙන්නලා තිබෙනවා. රටේ ඩොලර් නැහැ. රුපියල ආරක්ෂා කර ගන්නත් බැරිව රට අයාලේ යනවා.

 

3 ගෑස් රටේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත්වෙලා නගරයේ මෙන්ම ගමෙත් ඒ තත්ත්වය පවතිනවා. කාර්ය බහුල ජීවිතයක් සමඟ අද ගෑස් නැතිව බැරි තත්ත්වයකට පත්වෙලා.

මේ නිසා දැඩි අසීරුතාවයන්ට පත්වී සිටිනවා විශාල පිරිසක්. ආණ්ඩුව මේ තත්ත්වය කළමනාකරණය කරගත යුතුයි.

ගැසට් ගහන්න විතරයි මේ ආණ්ඩුව දන්නේ. මේ ගැසට්වලින් මොනවද වුණේ. හාල් මිල තීන්දු කරන්නෙ හාල් මෝල් හිමියන්.

තෙල් මිල පාලනය කරන්නේ ගෑස් ආනයනය කරුවන්. ආණ්ඩුවට කිසිම දෙයක් පාලනය කරන්න බැහැ.

 

4 මිල පාලනය කරගන්න කොමසාරිස්ලා පත් කරලා තවත් මුදල් නාස්ති කරන ආයතන බවට ඒවා පත්කර තිබෙනවා.

මිල පාලනය ඉවත් කරලා. එහෙම පාලනය ඉවත් කරන්න නම් මේ වගේ ආයතන අවශ්‍ය නැහැනේ. රටේ මිල පාලනය කරන්නේ ආණ්ඩුව නොවෙයි.

අපේ රටේ මුදල් ඒකක පාලනය කරන්නබැරි තත්ත්වයට පත්වෙලා. අවසානයේදී ආණ්ඩුවට ආණ්ඩුව පාලනය කරගන්න බැරි තැනකට එනවා.

 

5 මේ ආණ්ඩුව බටහිර ඇමෙරිකානු විරෝධී ආකාරයට පෙන්නගෙන බලයට ආව ආණ්ඩුවක්නේ. ආණ්ඩුවේ කොටස්කාරයෝ ඇමරිකාවේ පුරවැසියෝ නිසා ඒ අය ඇමෙරිකාවට මේ රටේ දේපළ ලබාදීමයි මේ කරන්නෙ. මේ රටේ 69 ලක්ෂයක් ජනතාව දැනගන්න ඕන මැති ඇමැතිවරන් මේ කරන්නේ ඇමෙරිකාවට සහාය දීමක් කියලා.

ආණ්ඩු පැරදිලා ඔවුන් ඇමෙරිකාවට යයි. ඒත් මේ රටේ ජනතාව කොහේ යන්නද? අපේ දරුවෝ කොහේ යන්නද? මෙය අපේ රට. අපි මේ රට රැකගන්න ඕනේ.

කොහොම නමුත් ඉදිරියේදී මීට වඩා අර්බුදවලට රට පත්වෙනවා. රටේ ජනතාව පාරට බහින දවස වැඩි ඈතක නැහැ. ආණ්ඩුව ගැසට් ගැහුවත් බඩවල්වලට ගැසට් ගහලා බඩගින්න නවත්තන්න බැහැනේ.

 

1 ගෑස් සහ කිරිපිටි ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ. සුළු සහ මධ්‍යම පාන්තික ජනතාව තමන්ගේ දෛනික වැඩ කටයුතු කර ගන්නේ ගෑස්වලින්. මහල් නිවාසවල, නාගරික ප්‍රදේශවල ජනතාවට වෙනත් විකල්ප නැහැ. ඒ නිසා ගෑස් අත්‍යවශ්‍ය දෙයක් වෙලා. මේ මිල ඉහළ යෑම ජනතාවට මහ විශාල ප්‍රශ්නයක්. මේ මිල ඉහළ යෑම සිදු වුණේ එකවර දෙගුණයකින්. ජනතාවගේ ආර්ථිකය අනුව එය දරන්න බැහැ.

ඒ වගේම විශාල මුදලක් දීලාවත් මිලට ගන්න කිරි පිටි නැහැ. මේ ආණ්ඩුව මිල පාලනය අයින් කරලා මිල ඉහළ දාන්න සමාගම්වලට අයිතිය දුන්නා.

සමාගම් කාරයෝ ඒ අයට අවශ්‍ය විදිහට මිල ඉහළ දානවා. ඒ වගේම සිමෙන්ති වැනි දේවල් ගොඩනැඟිලි ක්ෂේත්‍රයට අත්‍යවශ්‍යයි. පසුගිය කාලයේ සිමෙන්ති මිල ඉහළ ගියා. සිමෙන්ති වෙළෙඳපොළේ නැතිවුණා.

ඒ වගේම කිරිපිටි සියලුම පාර්ශ්වයන් පාවිච්චි කරනවා. මිල පාලනයක් යටතේයි කිරිපිටි මෙතෙක් කල් වෙළෙඳපොළේ තිබුණේ. ප්‍රථමවරට සමාගම්වලට ඉඩ දුන්නා මිල නියම කරගන්න.

එයින් වුණේ කිරිපිටි මිල විශාල ලෙස ඉහළ යෑමයි. මේ තත්ත්වය වඩා බලපාන්නේ අඩු ආදායම්ලාභී ජනතාවට. දියර කිරි මිල අධික නිසා හැමෝටම දියර කිරි පාවිච්චි කරන්න බැහැ. දරුවන්ටවත් කිරිපිටි ලබා දීමට මේ රජයට හැකියාවක් නැහැ.

 

2 ඉන්ධන මිල වැඩි වුණොත් සියලු පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යනවා. 2014 යහපාලන රජය ඉන්ධන මිල අඩු කළා. ඉන්පසුව මිල සූත්‍රයක් සකස් කළා. මිල ඉහළ පහළ ගියේ ඒ මිල සූත්‍රයකට අනුවයි.

ලෝකේ සෑම රටකම මිල සූත්‍රයක් තියනවා. ඒ මිල සුත්‍රය අනුවයි හැම රටේම මිල ඉහළ පහළ ගියේ.

ඉන්ධන මිල 2014 අඩු වුණාට පස්සේ ඊටපසු අවස්ථාවලදී සුළු ගණනකින් ඉහළ ගියත් මේ වගේ අධික මිලකින් ඉහළ යෑමක් සිදු වෙලා නැහැ. ඒ මිල ඉහළ යෑම් දරාගත හැකි ආර්ථිකයක් මේ වෙලාවේ රටේ ජනතාවට නැහැ.

මේ හරහා සියලුම පාරිභෝගික ද්‍රව්‍ය ඉහළ යෑමක් සිදු වෙනවා. අනෙක් භාණ්ඩවලත් මිල ඉහළ ගියොත් ජීවන වියදම මිනිසුන්ට දරාගන්න බැරිතරම් ඉහළ යනවා. භාණ්ඩ සේවා හා මිල ඉහළ ගියාට ජනතාවට වැටුප් වැඩිවීමක් සිදු වන්නේ නැහැ.

 

3 මේ අවස්ථාවේදී සහනයක් දෙන්න විදිහක් නැහැ. ඒ සඳහා රජය මැදිහත් වීම අවශ්‍යයි. ගෑස්වල මිල පාලනය රජය තියාගෙන යම්කිසි සාධාරණ මිලකින් ඉහළ දැම්මා නම් මේ ක්‍රමය සාර්ථකයි. සමාගම්වලට අවශ්‍ය ලෙස මිල ඉහළ දැමීමෙන් ජනතාව අසීරුතාවට පත්වෙනවා.

ඒ සමාගම් පවා බලාපොරොත්තු නොවූ ලෙස විශාල අගයකින් මිල වැඩි වී තිබෙනවා. මිල වැඩි කිරීම පාලනයක් ඇතිව රජය විසින්ම ඉහළ දමයි කියලා සමාගම් පවා බලාපොරොත්තුවෙන් හිටියේ. ඒත් ඒ සමාගම්වත් නොසිතපු ආකාරයට මිල ඉහළ දැමීමක් සිදුවී තිබෙනවා. රජය සම්පූර්ණයෙන්ම මිල පාලනය ඉවත් කර දීම තුළ සමාගම් තමන්ට රිසිසේ මිල ඉහළ දැමීමක් කරනවා.

 

4 ලෝකයේ සෑම රටකම මිල සූත්‍රයක් ක්‍රියාත්මක වෙනවා. අපේ රජය කාලයේ ඇති කළ මිල සූත්‍රය සාර්ථක විසඳුමක් කියලා මම හිතනවා. එයට මේ ආණ්ඩුව පහර ගැහුවා. එය ඉවත් කරලා දැම්මා. නමුත් ඒ මිල සූත්‍රය තිබුණා නම් මේතරම් මිල ඉහළ යෑමක් සිදු වෙන්නෙ නැහැ.

ඒ වගේම අපේ වගේ රටවල්වල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පාලනය කරන්නටම සිදු වෙනවා‍. වෙළෙඳපොළට ඉඩ දුන්නොත් ජනතාවට මෙන්ම රජයටත් එය බලපානු ලබනවා.

මේ ආණ්ඩුවට මේ වනවිට අවශ්‍ය විදෙස් විනිමය නැහැ. ඩොලර් සංචිත නැති වීම නිසා පිටරටින් ගෙන එන භාණ්ඩවලට විවිධ බාධා සිදු වෙනවා. එහිදී භාණ්ඩ හිඟය නිසා මිල අධික වෙනවා. මෙවැනි වාතාවරණයකදී මිල පාලනයක් නැති නම් එහි බර දරාගන්න පාරිභෝගිකයාට සිදුවෙනවා.

 

5 ප්‍රමාණවත් නැහැ. තිරිඟු පිටිවලට විකල්පය සහල්, නමුත් අද සහල් මිල අධිකයි. ඒ නිසා ඒ එකම ආදේශකයත් යොදාගන්න බැහැ.

ආනයනික රසායනික පොහොර නතර කර ආණ්ඩුව කාබනික පොහොර ගැන කතා කරනවා. කාබනික පොහොරවලට එකවරට හුරුවෙන්න බැහැ. රජයට ඩොලර් නැති නිසා මේ උපක්‍රම යොදන්නේ.

ලෝකයේ කිසිම රටකට මේ තරම් කඩිනමින් රසායනික පොහොරවලින් කාබනික පොහොරවලට මාරුවෙන්න බැහැ.

ලෝකයෙන්ම 1.03% කාබනික පොහොර පාවිචිචි කරන්නේ. ලෝකයටම එකපාර කරන්න බැරි දෙයක් මේ ආණ්ඩුව කරන්නේ. පොහොර නැති නිසා වී නිෂ්පාදනය ශීඝ්‍ර ‍ෙයන් අඩුවෙලා සහල් මිල ඉහළ යමින් තිබෙනවා. අද වී මෝල් හිමියන් තමයි සහල් මිල පාලනය කරන්නේ. ඒ නිසා තිරිඟුවලට විකල්පයත් අද නැතිවෙලා.

කිරිපිටි ආනයනය සීමා කිරීම නිසා කිරිපිටි හිඟයක් ඇතිවෙලා. මේ වනවිට කිරිපිටි මිල අධික ලෙස ඉහළ ගොස් තිබෙනවා. මෙය පාරිභෝගිකයන්ට දරාගන්න බැහැ. දියර කිරි නිෂ්පාදකයන්ට යම් සහනකයක් දෙනවා නම් විදෙස් විනිමය ඉතුරු කරගෙන දියර කිරි සාධාරණ ලෙස වෙළෙඳපොළට නිකුත් කිරීමට පුළුවන්. එයින් රජයට පාඩුවක් වෙන්නේ නැහැ. ඒ මඟින් දෙන සහනය ඇත්තටම විනිමය අඩුකර ගැනීමේ හොඳ මාර්ගයක් වෙනවා.

Comments