vivo සමාගම විසින් පසුගිය දා චීනයේ ෂැන්හයි නුවරදී self-designed Imaging Chip V1 එළි දැක්වීය. එහිදී vivo හි දිගු කාලින තාක්ෂණික නවෝත්පාදන උපාය මාර්ගයන්ගේ සාර්ථක කැපවීම මානව පිළිබිඹු කරමින් Imaging Chip V1 හඳුන්වා දුන් අතර එමගින් vivo හී සිව් වැදෑරුම් දිගු කාලීන උපාය මාර්ග තව දුරටත් පුළුල් කෙරිණි.
vivo හි විධායක උප සභාපති සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හු බයිෂාන් මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “V1 කියන්නේ උසස්ම දෘශ්‍ය තත්ත්වයෙන් යුත්, ජායාරූප සහ වීඩියෝ යෙදුම් සඳහාම නිර්මාණය කෙරුණු අංගසම්පූර්ණ ඒකාබද්ධ පරිපථ චිපයක්.
එය vivo හී ස්වාධීන පර්යේෂණ හා සංවර්ධන මෙන්ම චිප් නිර්මාණකරණයේ ආරම්භක ඉදිරි ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා.vivo හි imaging system සැලසුමට අනුකූලව viewfinder look සහ video recording වැනි ස්මාර්ට් ජංගම දුරකථන යෙදුම් වඩාත් ගුණාත්මක තත්වයකට ගෙන ඒම සඳහා Imaging Chip V1 වඩා හොඳින් සේවය ලබා දෙනවා.
vivo හි පර්යේෂණ හා සංවර්ධන නිලධාරින් මෙන්ම රූප විද්‍යාගාර විශේෂඥයින් 300 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් Imaging Chip V1 මාස 24 ක් පුරාවට සංවර්ධනය කෙරුණි.
චිප් මට්ටමින් නවෝත්පාදන image processing (IP) තාක්ෂණයට පුරෝගාමීත්වය ලබා දීම සඳහා වූ vivo හි ප්‍රවේශය ප්‍රධාන වශයෙන් රූප පද්ධතිය, මෙහෙයුම් පද්ධතිය, කාර්මික සැලසුම් සහ කාර්ය සාධනය යන උපාය මාර්ග හතරක් වටා ක්‍රියාත්මක වේ. මෙහිදී බයිෂාන් පවසන පරිදි මෙම fully-customized කළ චිප්ස් සඳහා සැලකිය යුතු ඉල්ලුමක් පවතින අතර දිගු කාලීන උපාය මාර්ගික ප්‍රවේශය සඳහා සහය දැක්වීමේ දී vivo හි නිෂ්පාදන හා තාක්ෂණික අවශ්‍යතාවන්ට සරිලන සැපයීමේ හැකියාවක් වෙළඳපොලේ අවම වූ විට හවුල්කරුවන් සමඟ පමණක් එක්ව චිප්ස් නිපදවීම පිළිබඳව vivo සලකා බලනු ඇත.
vivo චිප් නිෂ්පාදනය නොකරන නමුත් පාරිභෝගිකයින්ගේ හඳුනාගත් අවශ්‍යතා සඳහා සහ ප්‍රධාන image processing නවෝත්පාදන සඳහා algorithms සකස් කිරීම කෙරෙහි සිය සම්පත් උපායමාර්ගිකව යොමු කරයි.