SLT-MOBITEL ‘Entrepreneur ship Studio’ පුහුණු සැසි සඳහා නවක ව්‍යාපාර 20 ක් | සිළුමිණ

SLT-MOBITEL ‘Entrepreneur ship Studio’ පුහුණු සැසි සඳහා නවක ව්‍යාපාර 20 ක්

ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකSLT-MOBITEL ක්‍රියාවට නංවා ඇති ‘Entrepreneurship Studio’ ව්‍යවසායකත්ව වැඩසටහනේ 2021-2022 අදියර සඳහා මේ වනවිට ආරම්භක මට්ටමේ පවතින ව්‍යාපාර 20 ක් තෝරාගෙන තිබේ. ඒඅනුව මෙම ව්‍යවසායකයන්ට පුළුල් මට්ටමේ උපදේශන හා මාර්ගෝපදේශන සැසිමාලාවකට සහභාගී වීමට අවස්ථාව ලැබෙනු ඇත.

Entrepreneurship Studio වැඩසටහන ආරම්භ කරන ලද්දේ රටේ ඩිජිටල් තාක්ෂණ භාවිතාවන් සම්බන්ධයෙන් පෙරළියක් ඇතිකිරීමේ හැකියාව සහිත ආරම්භක මට්ටමේ ව්‍යාපාර වලට අත්වැලක් වීමේ අරමුණිනි. මෙම වැඩසටහන ඔස්සේ, තාක්ෂණ ක්ෂේත්‍රයේ තීරණාත්මක වෙනස්කම් සිදුකිරීමේ හැකියාව සහිත නව නිෂ්පාදන හා විසඳුම් හඳුන්වාදීම සඳහා මෙම නවක ව්‍යාපාර දිරිගන්වනු ලැබේ.

Comments