RakutenViber නව­තම (AR) Viber කැමරා යෙදු­ම්කාච එළි­ද­ක්වයි | සිළුමිණ

RakutenViber නව­තම (AR) Viber කැමරා යෙදු­ම්කාච එළි­ද­ක්වයි

සන්නිවේදන කටයුතු නිදහසේ සහ පහසුවෙන් ඉටුකර ගැනීමෙහිලා ලොව ප්‍රමුඛ පෙළේ යෙදුමක් (App) වන Viberවිසින් පරිශීලකයින්ටවැඩි වැඩියෙන් වඩාත් නිර්මාණාත්මකමුහුණුවරක් ලබා දෙමින් පවුලේ සමීපතමයන්, හිත මිතුරන් සහ සගයන් සමඟ දිනපතා නිරතවන සංවාදයන් ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා වඩාත් චමත්කාර ජනක වර්ණවත් නවතම Viber කාච ලංකාවේදී පසුගියදා එළිදක්වන ලදී.

Snapchat පිටුපස සිටින තාක්ෂණ සමාගම වන Snap Incorporation සමඟ එකතු වී Viber එහි යෙදුමේ ඇති කැමරාවට වැඩි දියුණු කරන ලද යථාර්තවත් (AR) කාච එක් කරනු ලබන අතර එහි පළමු Viberකාච කාණ්ඩය ලෙස සතුන්ගේ වෙස් මුහුණු (Animal Masks) වැනි අවධානයක් සහිත කැමරා කාචපෙරහන් 30 ක්, ෆැන්ටසි ප්‍රයෝග (Fantasy Effects), බිට්මොජි අවතාර (Bitmoji Avatars) සහ පරිශීලකයින්ගේ ප්‍රියතම වයිබර් චරිත එක් කර තිබේ.

මෙම විනෝදජනක මුහුණුවර සහිත අංගයන් තුළින් නිසැකවම පවුලේ අය සහ මිතුරන් සමඟ කතා බහ කිරීමේදී යම් උද්යෝගීමත් හැඟීමක් ඇති කරවයි.

Viberසංවාදයන් තුළදී කැමරාව සක්‍රීය කොට කාචයක් තෝරා ගැනීමෙන් Viberකාච භාවිතා කිරීම පහසු කරයි. පරිශීලකයින්ට විනෝද කාලය ආරම්භ කිරීම සඳහා Snap හෝ Clip එකක් ගෙන සංවාදය වෙත යැවිය හැකිය.

Comments