CBL නැචු­රල් ෆුඩ්ස් සමා­ගම ආසි­යාවේ විශි­ෂ්ට­තම සේවා ස්ථාන 100 අත­රට | සිළුමිණ

CBL නැචු­රල් ෆුඩ්ස් සමා­ගම ආසි­යාවේ විශි­ෂ්ට­තම සේවා ස්ථාන 100 අත­රට

ලංකාවේ ප්‍රමුඛතම කාබනික ආහාර සැකසුම් හා අපනයන ආයතනයක් වන CBL නැචුරල් ෆුඩ්ස් (පුද්ගලික) සමාගම, සේවක අත්දැකීම් හා සේවා ස්ථාන සංස්කෘති ඇගයීම් කටයුතු සිදුකරන ගෝලීය ප්‍රමුඛයා වන Great Place to Work® මගින් ප්‍රකාශයට පත් කරන ලද ආසියාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ,විශිෂ්ටතම සේවා ස්ථාන 100 අතරට පසුගියදා එක්විය.

මෙම ඇගයීමේදී ආසියාතික රටවල් 16කට වැඩි ප්‍රමාණයකට අයත් ලක්ෂ පහක පමණ සේවක පිරිසකගේ අදහස් සැළකිල්ලට ගෙන තිබුණි. මෙම ඇගයීම සිදු කර තිබුණේ ආසියානු කලාපයේ අදාළ රට තුළ විශිෂ්ටතම සේවා ස්ථාන ලෙස ජාතික මට්ටමේ ලැයිස්තු ගත කිරීම් වලදී වසර දෙකක් පුරාවට ඉහළින්ම ශ්‍රේණිගත වීමට සමත්වූ ආයතන 200ක් සැලකිල්ලට ගනිමිනි.ඇගයීම අතරතුරදී විශ්වාසය, නවෝත්පාදනය, ආයතනික වටිනාකම් හා නායකත්වය යන අංශ කෙරෙහි සේවක අත්දැකීම්වලට මුල් තැනක් හිමිවිය. තව ද ආයතන මගින් සිය සේවා සංස්කෘතිය තුළ කිසිදු තරාතිරමක් නොබලා සියලුම සේවකයින්ට සමානව සලකන, සමාන අවස්ථා හිමිකරදෙන For All™ සංකල්පය කොතෙක් දුරට භාවිත කර ඇත් ද යන්න ද ඇගයීමට ලක්විය.

Comments