හේමාස් විසින් පශ්චාත් කොවිඩ් රැක­ව­ර­ණ­යෙහි වැද­ග­ත්කම පෙන්වා දෙයි | සිළුමිණ

හේමාස් විසින් පශ්චාත් කොවිඩ් රැක­ව­ර­ණ­යෙහි වැද­ග­ත්කම පෙන්වා දෙයි

COVID-19 වෛරසය රට පුරා සීඝරැක යෙන් ව්යාණප්ත වීමත් සමඟ බොහෝ දෙනෙකු ඊට ගොදුරු වෙමින් සිටී. නමුත් මේ වන විට පුද්ගලයින් විශාල ප්‍රමාණයක් සුවය ලබමින්ද ඇත. සති කිහිපයකින් බොහෝ දෙනෙක් රෝගයෙන් සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත් වන නමුත් ඇතැම් පුද්ගලයින්ට එහි බලපෑම දීර්ඝ කාලීනව අත්විදීමට සිදුවේ. වැඩිහිටි රෝගීන් සහ බොහෝ බරපතල රෝගී තත්වයන් ඇති අය බොහෝ විට කල් පවතින COVID-19 Long COIVD රෝග ලක්ෂණ අත්විඳිය හැකි අතරම සමහර තරුණයින්, එසේ නොමැතිනම් සෞඛ්‍යය සම්පන්න පුද්ගලයින්ට පවා මෙය ආසාදනය වී සති 4 සිට මාසයකටත් වැඩි කාලයක් ගත වන තෙක් රෝගී තත්ත්වයන් සමඟ සටන් කිරීමට සිදුවනු ඇත. මෙය දිගු කාලීන කෝවිඩ් සංකූලතාවන් ලෙස හැඳින්වෙන අතර එය වර්තමාන COVID -19 වසංගත තත්වය තුළ උද්ගත වෙමින් පවතින සායනික ගැටළුවක් බවට පත් වී ඇත.

නිරතුරුව පවතින තත්වයට අනුව සිය සේවාවන් විවිධාංගීකරණය කරන හේමාස් රෝහල් සමූහය පශ්චාත් කෝවිඩ් සමයෙහි ඇති විය හැකි සංකූලතාවන් පිළිබඳව විද්‍යානූකූල අධ්‍යයනයකින් අනතුරුව තම රෝහල් සමූහය ආවරණය වන පරිදි කෝවිඩ් වැළඳී සුවපත් වීමෙන් අනතුරුව යළිත් විවිධ සංකූලතා ඇති වන රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ අරමුණෙන් වත්තල සහ තලවතුගොඩ යන රෝහල් දෙකෙහිම පශ්චාත් කෝවිඩ් සායන ආරම්භ කර ඇත.

Comments