ශ්රී ලංකාවේ ප්රධාන බලශක්ති ප්රභවයක් වන LP ගෑස් ක්ෂේත්රය මේ වන විට ඉතාමත් අභියෝගාත්මක ප්රශ්න වලට මුහුණ දෙන බව කවුරුත් දන්නා අතර එම ක්ෂේත්රය විශාල වශයෙන් අඩපණ වීමට හේතූ රැසක් බලපා ඇත.
ලාංකීය LP ගෑස් ක්ෂේත්රය ආයතන 2ක් මඟින් ක්රියාත්මක වෙයි. ගෑස් භාවිතය පිළිබඳව වසර 150කට වඩා වැඩිවූ අභිමානවත් උරුමයක් තිබෙන ශ්රී ලංකාවේ ජාතික LP ගෑස් සැපයුම්කරු ලිට්රෝ ගෑස් සමාගම ලෙස සැලකේ.
2010 වසරේ රජය සතු වු ලිට්රෝ ගෑස් සමාගම අද වනවිට 80% ක වෙළඳපොළ කොටසකට හිමිකම් කියමින් ගෘහස්ත සහ කර්මාන්ත යන අංශ දෙකෙහිම ක්ෂේත්රයේ ප්රමුඛයා බවට පත්වී ඇත. ලිට්රෝ ගෑස් සමාගම 220 ක කාර්ය මණ්ඩලයක් සමඟ කාර්යක්ෂම සහ විධිමත් ලෙස මෙහෙයුම් කළමනාකරණය කරමින් වසරකට රුපියල් බිලියන 47 ක ආදායමක් රටට ලබා දෙයි .
මීට අමතරව බෙදාහරින්නන් 42 ක් හරහා පුද්ගලයින් 2,000 කට අධික පිරිසකට ඍජු රැකියා අවස්ථා ලබා දී තිබෙන අතර අලෙවි නියෝජිතයින් 14,000 ක ජාලයක් සමාගම විසින් බල ගන්වනු ලබයි. තවද 1500ක් වු ලිට්රෝ ගෑස් බෙදාහැරිමේ ජාලය තුළින් වක්රව රැකිය අවස්ථාද හිමී කර දි තිබේ.
ලිට්රෝ ගෑස් සමාගම ශ්රි ලංකාවේ මිලියන 4 කට වඩා වැඩිවු නිවාස සඳහා සහ කර්මාන්ත ක්ෂේත්රය සඳහ LP ගෑස් සපයනු ලැබේ. 2020 වසරේදී කොවිඩ් -19 වසංගතයෙන් පීඩාවට පත්වූ කර්මාන්ත වලට සහයෝගය ලබා දීම සඳහා විශේෂ දිරි දීමනාවක් ලෙස ගෑස් මිල අඩු කර ලබා දුන් බවද අප්පුහාමි පවසා සිටියේය.