ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත කිරි සමාගම මෙරට දේශීය කිරි කර්මාන්තය සවිබල ගන්වමින් දිරිමත් කිරීම සඳහා විශේෂ සැලසුමක් දියත් කර තිබේ. ඒ අනුව දේශීය කිරි ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය කිරි නිෂ්පාදනයේ අඛණ්ඩ ප්‍රගතිය සහතික කිරීමත් ගොවි ප්‍රජාවට සහය දැක්වීම මෙන්ම රටේ ආර්ථිකයට ආධාර කිරීමත් මෙම සැලසුම හරහා සිදු කෙරෙනු ඇත.
පැල්වත්ත කිරි සමාගම 2006 වසරේ ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා ආර්ථිකයට රු බිලියන 50 කට අධික විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කර දී ඇත. මේ හරහා කිරි ගොවීන්ට ඔවුන්ගේ පවුල් වලට සහ මුළු මහත් ජාතියටම සහයෝගය දක්වමින් පැල්වත්ත කිරි සමාගම සුවිසල් සමාජ ආර්ථික වටිනාකමක් ළඟා කර දී තිබේ.
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමත්, ආනයන සීමා පැනවීමත් සමඟ රට තුල උද්ගතව ඇති කිරි ආහාර හා නිෂ්පාදන සොයා ගැනීමේ අසීරුතාව පිළිබඳව සමාගම විශේෂ අවධානය යොමු කර ඇත. ඒ අනුව පැල්වත්ත කිරි සමාගම රටට අවශ්‍ය ප්‍රමාණවත් කිරි නිෂ්පාදනයක් කිරීමේ නව වැඩ පිළිවෙලක නිරතව සිටි.