දීවා වෙතින් රෙදි සේදීමේ කලා­වට නව මුහු­ණු­ව­රක් | සිළුමිණ

දීවා වෙතින් රෙදි සේදීමේ කලා­වට නව මුහු­ණු­ව­රක්

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්හි ප්‍රමුඛතම රෙදි සෝදන නිෂ්පාදන සන්නාමයක් වන දීවා, ශ්‍රී ලංකාවේ රෙදි සේදීමේ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් කැපවූ විශිෂ්ට සන්නාමයක් ලෙස දිගුකාලීන ඉතිහාසයකට උරුමකම් කියයි. දේශීය සන්නාමයක් ලෙස 2003 වසරේ සමාරම්භය සනිටුහන් කළ දීවා, පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම ඒකායන අරමුණ කරගනිමින් ශ්‍රී ලංකාවේ වඩාත් පිළිගත් ගෘහස්ථ වෙළෙඳ නාමයක් බවට පත් වීමේ තම ගමන්මඟ මෙසේ ආරම්භ කරන ලදී. දීවා සිය නිෂ්පාදන පෙළ අඛණ්ඩව පුළුල් කරමින් පහසු මිලකට රෙදි සේදීමේ නිෂ්පාදන හඳුන්වාදුන් අතර ඉතාමත් කෙටි කාලයකින් දීවා සන්නාමය ගෘහණියන්ගේ බුද්ධිමත් තේරීම බවට පත්විය. දීවා සිය නිෂ්පාදන පෙළ අඛණ්ඩව පුළුල් කිරීමේ අරමුණෙන් පර්ෆියුම් මැජික්, ෆයිබර් ක්ලීන් තාක්ෂණය සහ ඔප්ටිකල් බ්‍රයිට්නර්ස් සිය නිෂ්පාදන සඳහා භාවිත කිරීම කැපීපෙනෙන කරුණක් විය.

රෙදි සෝදන සබන් භාවිතා කරන්නන් සඳහා පහසු විකල්පයක් ලබා දීමේ අරමුණින් 2003 වසරේදී දීවා සිය රෙදි සෝදන කුඩු හඳුන්වාදෙන ලදී. රෙදි සෝදන සබන් වෙ‍ෙළඳපොළ ප්‍රමුඛත්වය ගෙන සිටි මේ කාලවකවානුවේදී, රෙදි සෝදන කුඩු වල ඇති වාසි පිළිබඳව දැනුවත් කරමින් මේ පිළිබඳ වූ පාරිභෝගික මතය වෙනස් කිරීමට දීවා ගත් උත්සාහය මල්ඵල ගන්වමින් ඵලදායී රෙදි සෝදන නිෂ්පාදන සන්නාමයක් ලෙස දීවා සුවහසක් දේශීය පාරිභෝගිකයින්ගේ සිත් දිනා ගැනීමට සමත් විය.

Comments