දරු­වන්ට සම අධ්‍යා­ප­න­යක් වෙනු­වෙන් ඩය­ලොග් වෙතින් සත්කා­ර­යක් | සිළුමිණ

දරු­වන්ට සම අධ්‍යා­ප­න­යක් වෙනු­වෙන් ඩය­ලොග් වෙතින් සත්කා­ර­යක්

යම් සමාජයක් තුළ දිගු කාලින ධනාත්මක වෙනස්කම් ඇති කළ හැකි ප්‍රබලතම සාධකයක් ලෙස අධ්‍යාපනය හැඳින්විය හැකිය. එබැවින් සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලැබීමට එක හා සමාන අවස්ථාවක් උදාකර දීම අත්‍යාවශ්‍ය කරුණකි. තිරසාර සංවර්ධනය පිළිබඳ ඉදිරිපත් වී ඇති කරුණු මාලාව තුළ ද Òසැමදෙනාටම එක හා සමානව ප්‍රවේශ විය හැකි ගුණාත්මක අධ්‍යාපනයÓ යනුවෙන් සඳහන් කර ඇත්තේ, රටක සංවර්ධන සහ අනාගත අභිවෘද්ධිය කෙරෙහි ගුණාත්මක අධ්‍යාපනයෙන් ලැබෙන පිටිවහල සහ වටිනාකම තවදුරටත් අවධාරණය කොට දක්වමිනි. එබැවින් සෑම දෙනාටම පහසුවෙන් සම්බන්ධ විය හැකි, සාධාරණ සහ ගුණාත්මක අධ්‍යාපන ක්‍රමවේදයක් සකස් කිරීම ඕනෑම රජයක ප්‍රමුඛතම කාර්යයක් වන අතර, ඒ සඳහා රටේ සෑම පාර්ශ්වයකගේම සහයෝගය ලබාදීම ඉතා වැදගත් වේ.

එසේ වූවද, වර්තමානය තුළ උද්ගතව පවතින කෝවිඩ් 19 වෛරස ව්‍යාප්තියත් සමඟ රටේ අනෙකුත් ක්ෂේත්‍ර මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය ද විශාල අභියෝගයකට ලක්ව තිබේ. පාසල තුළ සුපුරුදු අධ්‍යාපන ලැබීමේ පරිසරය ඔවුනට අහිමි ව ඇති අතර, එම නිසාම අධ්‍යාපන කටයුතු ඉදිරියට පවත්වාගෙනයාම සඳහා නව තාක්ෂණික ක්‍රමවේදයන්ගේ සහයෝගය ඉවහල් වී ඇත. මාර්ගගත ක්‍රමය (ඔන්ලයින් තාක්ෂණය) හරහා අධ්‍යාපන කාර්යය වෙත නැවත ප්‍රවේශවීමට අවස්ථාව එමගින් දරුවන් වෙත හිමිවිය. එයට අනුව පවතින තත්ත්වය තුළ සෑම දරුවෙකුටම එක හා සමාන ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම සඳහා ගත යුතු ප්‍රධාන ක්‍රියාමාර්ගයක් ලෙස, සැමට පහසුවෙන් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම අත්‍යවශය කරුණක් බවට පත්ව ඇත.

Comments